පිරිසකට සුබ ආරංචියක් - රජයෙන් ගත් විශේෂ තීරණය මෙන්න..

Mahinda Amaraweera Sri Lanka Politician Ministry of Agriculture Latest Headlines Decision Making
By krishani Feb 06, 2024 07:47 AM GMT
Report

2023/24 මහ කන්නයේ දී වී වගාව ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා රුපියල් කෝටි 960ක් ගොවි ජනතාව වෙත ලබා දී තිබෙනවා.

ඒ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

පිරිසකට සුබ ආරංචියක් - රජයෙන් ගත් විශේෂ තීරණය මෙන්න.. | 960 Crores To Farmer Accounts

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මහ කන්නයේ වී වගාව හා ඒ ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවි ගිණුම්වලටම මුදල් බැර කිරීමට පියවර ගත් බවයි.

ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක බැගින් ගොවීන් ලක්ෂ 12කට එම මුදල් ලබා දීමට රජය තීරණය කළේ ය.

රුපියල් බිලියන 9.6ක මුදලක් මේ වන විට ගොවි ගිණුම්වලටම බැර කර ඇති බව ගොවිජන කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතා පැවසීය.

ඊයේ දිනයේ තවත් රුපියල් මිලියන 450ක් ගොවි ගිණුම්ගත කිරීමට නියමිතව තිබුණේ ය.

කෙසේ වෙතත්, මේ වනවිට සමස්ත වී වගා කරන ගොවීන්ගෙන් සියයට 93කට මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව පොහොර මිල දී ගැනීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු  සඳහා රුපියල් 15,000ක දීමනාව ගිණුම්ගත කර අවසන් කර ඇත.