පාසල අසලදී පියා දැක පාර හරහා දිවගිය හත් හැවිරිදි දරුවාට සිදුවූ දේ..

Sri Lanka Accident
By Sewvandhi Dec 13, 2022 10:06 AM GMT
Report

රත්මල්ගොඩ මැද ගේට්ටුව හන්දිය අසලදී ත්‍රීරෝද රථයක ගැටීමෙන් 7 හැවිරිදි පාසල් සිසුවෙකු පියා ඉදිරියේදීම තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කළ බව පොලීසිය පවසනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ මාපුටුගල ජාතික පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි. සිසුවා විද්‍යාලයේ සිට පාසල් වෑන් රථයෙන් පැමිණ තවත් සිසු සිසුවියන් පස් දෙනෙකු සමග රත්මල්ගොඩ මැද ගේට්ටුව හන්දිය අසලදී පාසල් වෑන් රථයේ සහායිකාව ගේ රැකවරණය මත බැස ඇතැයි පොලීසිය කියයි.

එම අවස්ථාවේදී  සිසුවා පාරේ අනෙක් පස සිටින සිය පියා දැක එකවරම මාර්ගය හරහා දිව ගොස් තිබූ බව පොලීසිය කියයි. එහිදී පාසල් වෑන් රථය පිටුපසින් පැමිණි ත්‍රීරෝද රියක දරුවා ගැටී තිබුණි.

දරුවාව ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළු කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now