වැඩ පහසු කරන සුපිරි Tips 7ක්.

By Wayomi Oct 14, 2022 08:14 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

එදිනෙදා වැඩ ටික කරගන්නා ගියාම සමහර අවස්ථා තියෙනවා වැඩේ කරන්න ගියාම අපි ඒක චොර කරගන්නවා.ඉතින් මේ කියන්න හදන්නේ ඒ විදිහට ඔබට ඇති වන සමහර ක්‍රියාකාරකම් පහසුවෙන් කරගන්න පුළුවන් පුංචි tips කිහිපයක් ගැනයි.


ඇනී ඇති කීරක් පහසුවෙන් ඉවත්කරගැනීමට

? හොඳ වර්ගයේ සුදු ගම් වර්ගයක් කීර ඇනී ඇති සම මත අලවා වියලෙන්නට හරින්න.

? හොඳ බ්ලයින්ඩර් ගම් එකක් බලන්න.

? ගම් එක ගාලා වියලුණු පසු ගම් පොතු ඉවත්කරගන්න.

? එතකොට කීරත් ගැලවිලා ඒවී.


මුඛ දුර්ගන්ධය නැති කිරීමට

? ලුණුවතුරෙන් කට කළතවා සෝදන්න.

? ලුණුවතුර හොඳ බැක්ටීරියානාශක දියරයක්. ඉන් ඔබේ මුඛයේ ගැටලු ඇතිකරන හානිකර බැක්ටීරියා වර්ධනය පාලනය කරනවා.


කිහිලි වල දහඩිය දුර්ගන්ධය නැති කිරීමට

? ඩියොඩ්‍රන්ට් හෝ perfume එකක් නිතරම අපේ ලඟ නැතිවෙන්න පුළුවන්.

? ඒ නිසා දහඩිය දුර්ගන්ධය නැතිකරගන්න සරල උපක්‍රම ලෙස ලෙමන් යුෂ හෝ විනාකිරි භාවිතා කළ හැකියි.

? ඉන් එක් වර්ගයක් ටිෂු කඩදාසියකට ගෙන කිහිලි මත තවරන්න.

? විනාකිරි නම්, සාමාන්‍ය සුදු විනාකිරි භාවිතා කරන්න.

? ලෙමන් වල මිහිරි පැඟිරි සුවඳ නිසා ඒ ක්‍රමය වඩාත් ඵලදායිය.


ෂේව් කිරිමේදී ඇති වූ සීරුම් හා කැපුම් තුවාල සුව කරන හැටි.

? මෙවැනි කැපුම් තුවාල සඳහා ඇන්ටිසෙප්ටික් ඖෂධයක් නිවසේ නැතිනම් ඔබට පුළුවන් ඔබේ ලිප් බාම් එක භාවිතා කරන්න.

? භාවිතා කරමින් සිටින ලිප් බාම් එකක් යොදාගන්නේ නම් බැක්ටීරියා අවදානම් අඩුකරගැනීමට එහි මතුපිට ස්තරය සූරා ඉවත්කරන්න.

? කැපුම් මත ලිප් බාම් අතුල්ලා, මිනිත්තු 30 ක් පමණ තිබෙන්නට හරින්න.

? අවසානයේ මෘදුව පිසදමන්න.

? සමට තෙතමනය සපයමින් තුවාලය ඉක්මනින් සුවපත් කරයි.


ඇඟිලි පරිස්සම් කරගෙන ඇණ ගැසීම

? ඇණ සවිකරද්දි ඇඟිල්ල තැලෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

? මේ අවදානම අඩුකරගන්නට ඇණයක් සවිකිරීමේදී එය කොණ්ඩා ක‍ටුවකින් රඳවා ගන්න.

? මිටියෙන් ඇණයට ගසා මදක් දුර සවිකරගත් පසු, ක‍ටුව ඉවත් කර සම්පූර්ණයෙන්ම ඇණය තදකරගන්න.


බිත්ති වල පාට කූරු පැල්ලම් ඉවත් කිරීමට

? බිත්ති වල පාට කූරු වලින් කුරු‍ටු ගා ඇති චිත්‍ර ඉවත්කර බිත්ති පිරිසිදු කරගන්න මයෝනීස් භාවිතයට ගත හැකියි.

? මෘදු රෙදි කැබැල්ලකට ඉන් ස්වල්පයක් ගෙන පැල්ලම් ඉවත්වන තුරු අතුල්ලන්න.

? මයෝනිස් වල අඩංගු තෙල් බිත්තියේ තීන්ත වලට හානිනොකර ක්‍රේයෝන්ස් වල ඇති ඉටි ස්වභාවය නැතිකර පැල්ලම් ඉවත් කර දමයි.


සිපර් ටැබ් එක ලේසියෙන්ම දාගන්න විදිහ.

? සිපර් එකෙන් එහි ටැබ් කොටස ඉවතට ගැලවී ආ විට නැවත එය සවිකරගන්න ටිකක් ආමාරුයි.

? ටැබ් එක කැඩී ගොස් හෝ විකෘති වෙලා හෝ නැතිනම් එය පහසුවෙන් නැවත සවිකරගන්න මෙන්න මෙහෙම පුළුවන්.

? එය ගෑරුප්පුවක මැද කූරු දෙකේ රඳවා, සිපර් එකට ඇතුල්කරගන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGallery