දුරකථනය චාර්ජ් කරන ඉක්මන් ක්‍රම 7ක්.

iPhone Smart Phones
By Wayomi Oct 19, 2022 08:16 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

Phone එකේ චාර්ජ් එක බැස්සොත් වැඩ ඔක්කොම හබක්. හදිසියේම phone එකේ චාර්ජ් එක බැස්සොත් ඒ, කියන්නේ ඔබ වැඩක නම් වැඩේ කට උඩ තියාගෙන චාර්ජ් බැස්සොත් ඉක්මනින්ම් phone එක චාර්ජ් කරගන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව ඔලුව අවුල් වෙනවා නේද? අන්න ඒ නිසා මේ ලිපියෙන් කියන්න යන්නේ ඔබේ phone එක ඉක්මනින්ම චාර්ජ් කරගන්න පුළුවන් tips කිහිපයක් ගැනයි.

01. wireless ක්‍රමය

🟣wireless charging ක්‍රමය (‍රැහැන් රහිත ආරෝපණය) අපූරු තාක්ෂණික ක්‍රමයක් වුණත් මෙය එතරම්ම කාර්යක්ෂම නැහැ.

🟣 මෙවැනි චාර්ජරයක් (charger) භාවිතා කරන විට සාමාන්‍ය ක්‍රම වලින් දුරකථනය චාර්ජ් කිරිමට ගතවන කාලය මෙන් දෙගුණයක් කාලය වැය වෙනවා.

🟣 රැහැන් රහිතව දුරකථනය ආරෝපණය කරන විට බලශක්තිය (power එක) දුරකථනයට සෘජුව ගමන් කරන අතර ඉන් වැඩි බලශක්ති ප්‍රමාණයක් තාපය වශයෙන් නාස්ති වෙලා යනවා.


02. fast charger

🟣 වේගයෙන් ආරෝපණය වීම ක්‍රියාත්මක වන්නේ ඔබේ දුරකථනය යම් ප්‍රතිශතයකට සාමාන්‍ය ආරෝපණ අනුපාතය දක්වා මන්දගාමී වූ විටයි.

🟣 සම්මත USB 2.0 කේබලයකට 2.5W බලයක් ලැබෙන අතර නවීන පන්නයේ, වේගවත් චාජර් වල 18W සිට 100W දක්වා බල ප්‍රතිදානයක් ඒ කියන්නේ power output එකක් තියෙනවා.

🟣 වැඩි බලයක් නිපදවීම (power output) යන්නෙන් අදහස් කරන්නේ කෙටි කාලයක් තුළදී ඔබගේ දුරකථනය fully charged වීමයි.

🟣 නමුත් වේගයෙන් ආරෝපණය වන කේබලයක් ක්‍රියා කරන්නේ වේගවත්ව ආරෝපණය වීමට හැකිවන පරිදි සකසා ඇති දුරකථනයක් සමඟ පමණයි. ඒ නිසා ඔබේ දුරකථනය ඊට ගැලපෙනවා කියලා බලලා ඉන්න ඕන.


03. power- saving mode

🟣 දුරකථනය භාවිතා වන විට පසුබිමින් එහි වෙනත් විවිධ ක්‍රියාකාරීත්වයන් (functions) සිදු වෙනවා.

🟣 ඒ නිසා power-saving mode එක හරහා දුරකථනය චාර්ජ් වීමට ගතවන කාලය මිනිත්තු කිහිපයකින්ම අඩු කරගන්න පුළුවන්.

🟣 විවිධ දුරකථන වල විවිධාකාරයේ power-saving සැකසුම් තියෙනවා. එමඟින් සිදුවන්නේ screen brightness, CPU ක්‍රියාකාරීත්වය සහ data භාවිතය අඩුකිරීම.

🟣 එමඟින් ඒවාට බලශක්තිය වැයකිරීම වෙනුවට දුරකථනය චාර්ජ් වීමට ප්‍රමුඛත්වය ලබාදෙනවා.


04. Apps සහ downloads කළමනාකරණය කරන්න

🟣 සමහර Apps තියෙනවා ඔබේ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වෙන ඒවා.

🟣 Instagram, Messenger, YouTube වැනි මෘදුකාංග භාවිතා කල පසු ඒවායින් ඉවත් වීම සිදුකලත් බොහෝ විට නිවැරදිව ඒවා close නොකිරීමෙන් පසුබිමින් ඒවා ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

🟣 එහිදි දිගින් දිගටම බැටරිය ක්ෂය වී යාම සිදු වෙනවා.

🟣 ඒ නිසා විටින් විට recent tabs සියල්ල close කර දමන්න.

🟣 නමුත් දුරකථනයේ apps සියල්ලම force close කිරිමට අවශ්‍ය නැහැ.

🟣 Battery settings වෙත ගොස් දුරකථනයේ බැටරි අධිකවම භාවිතා වන app වර්ග ලැයිස්තුවෙන් සොයාගෙන ඒවා close/restrict කරන්න.

🟣 ස්වයංක්‍රීවය යාවත්කාලීන වන ලෙස සැකසුම් යොදා ඇත්නම් ඒ කියන්නේ auto-update apps/auto downloads දුරකථන බැටරි බැසීමට ප්‍රධානතම හේතුවක්.


05. Charging port එක clear කරන්න

🟣 දුරකථනයේ charging port එකේ කුණු දූවිලි සහා වෙනත් අපද්‍රව්‍ය ‍රැඳීම ඔබේ දුරකථනය ඉක්මණින් චාර්ජ් නොවීමට හේතුවක් වෙන්න පුළුවන්.

🟣 හුලං පිරවූ සිරිංජරයක් ගෙන, එහි තුඩ power jack එක තුලට ඇතුල් කරමින් හුලං විදීම සිදුකර charging port එක අසල ‍රැඳුණු දූවිලි පහසුවෙන් ඉවත් කරගන්න.

🟣 නමුත් තියුණු, ඇලෙන දේවල් වලින් එම කොටස පිරිසිදු කිරීමට යාමෙන් දුරකථනයට හානි වෙන්න පුළුවන් බව මතක තබා ගන්න.


06. දුරකථනය අධිකව රත්වීමට ඉඩ නොදෙන්න

🟣 ඔබේ දුරකථනයේ තාප පාලක පද්ධතියක් ( thermal control system) ඇත.

🟣 මෙය ඔබගේ දුරකථනයේ උෂ්ණත්වය නියාමනය කරයි.

🟣 එය ඔබගේ දුරකථනය අධික ලෙස රත් වීම වැළැක්වීමේ ආරක්‍ෂකයක් ලෙස ද ක්‍රියා කරයි.

🟣 ඔබගේ දුරකථනය සිසිල්ව තබා ගැනීමට වග බලාගන්න.

🟣 ඒ අනුව ඔබේ දුරකථනය සෘජු හිරු එළියෙන් ආරක්ෂා කිරීම, චාර්ජ් කිරීමේදී එය ක්‍රියා විරහිත කිරීම, සිසිල් කාමරයක දුරකථනය චාර්ජ් කිරීම හෝ විදුලි පංකාවක් අසල තැබීම සිදු කළ හැක.


07. අලුත් බැටරියක් මිලදී ගන්න

🟣 ලිතියම් බැටරි රසායනය කාලයත් සමඟ පරිහාණියට ලක් වෙනවා.

🟣 ඉහත පිළියම් අත්හදා බැලුවත් ඔබේ දුරකථනය තවමත් චාර්ජ් වෙන්නේ මන්දගාමීව නම් , ඔබේ දුරකථනයේ බැටරි මාරු කිරීමට කාලය පැමිණ ඇත.

🟣 ඇතැම් දුරකථන වල බැටරියේ තත්වය පරික්ෂා කර බැලිය හැකි සැකසුම් ඇත.

🟣 ඔබේ දුරකථන බැටරියේ ධාරිතාවය සහ එහි වත්මන් තත්වය පරික්ෂාකර බැලිය හැකි යෙදවුම් බාගත කරගැනීමට ද ඔබට හැකියි

🟣 නමුත් නවීනතම දුරකථන වල බැටරි වෙනස් කිරීමේ හැකියාව නොමැත.

🟣 ඒ අනුව දුරකථනය චාර්ජ් වීම මන්දගාමී වන්නේ දුරකථනයේ ආයු කාලය අවසන් බව ඉඟියක් වෙන්න පුළුවන්. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW