බාප්පාගේ පා පහරින් අවසන් ගමන් ගිය පුංචි පුතු..

Gampaha Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Dec 13, 2022 12:30 PM GMT
Report

ගම්පහ පහළගම ප්‍රදේශයේ හය හැවිරිදි දරුවෙකු පහරදීමක් හේතුවෙන්, රෝහලේදී මිය ගොස් තිබේ.පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රියේ දී එම සිදුවීම සිදුව ඇති බවයි.

ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා සඳහන් කළේ, රෝහල්ගත කරන අවස්ථාවේදී එම දරුවා අසාධ්‍ය තත්ත්වයේ සිටි බවය.

එම දරුවාගේ උදරයට පා පහරක් එල්ලකර තිබූ බවට වාර්තා වන අතර ඔහුව සැත්කමක් සඳහා භාජනය කළ ද රාත්‍රී 12ට පමණ දරුවා මියගිය බව වෛද්‍යවරයා පැවසීය. වෛද්‍යවරයා පවසන්නේ මරණයට හේතුව පහරදීමක් බවය.

එම පහරදීම මියගිය දරුවාගේ මව දෙවැනිවරට විවාහ වී සිටි පුද්ගලයා විසින් බව සඳහන් වෙයි. පොලීසිය විසින් එම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now