මෙහෙම ගාණක් දීලා වැසිකිළි යන්න වෙයි කියලා කවදාහරි හිතුවද?.

Colombo Toilet Latest Headlines Decision Making
By krishani Feb 15, 2024 10:09 AM GMT
Report

පිටකොටුව බැස්ටියන් මාවතේ පවත්වාගෙන යන පොදු වැසිකිලිය පාවිච්චි කරන්නෙකු සදහා අය කරන ගාස්තුව ඉහළ දමා තිබෙනවා.

මෙහෙම ගාණක් දීලා වැසිකිළි යන්න වෙයි කියලා කවදාහරි හිතුවද?. | 50 Toilet Fee In The Fort

ඒ රුපියල් පණහක් දක්වා ය.

ඒ බව මගීන් සඳහන් කළේ ය.

ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් ඉඩමක ජාතික ගමනාගමන කොමිසම මගින් මෙම පොදු වැසිකිලිය ඉදි කිරීම් කටයුතු සිදු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසමේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා ෂෙරීන් මහත්මිය සඳහන් කළේ මෙවැන්නකී,

"අදාල පොදු වැසිකිළි පද්ධතිය අප කොමිසමට අයත් උවත් බාහිර පාර්ශ්වයක් සමග ඇති කර ගත් ගිවිසුමක් මත නඩත්තු කටයුතු භාර දී තිබෙනවා.

එහි මිල ගණන් සම්බන්ධයෙන් වරින් වර මගීන්ගෙන් ලද පැමිණිලි මත අප විමර්ශනය කර ඒ සදහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

මෙම මිල වැඩි කිරීම පිළිබදව දැනුවත් නෑ ඒ පිලිබදව සොයා බැලීමට කටයුතු කරනවා." යනුවෙන් ය.