නැමෙන්නේ - ගැලවෙන්නේ නැතිව ඇඟිලි වලට නිවැරදිව ප්ලාස්ටර් එක අලවන්නේ මෙහෙමයි.

By Wayomi Sep 18, 2022 06:39 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

පුංචි හෝ තුවාලයක් වුණ ගමන් අපි බලන්නේ ප්ලාස්ටර් එකක් අලවගන්න. හැබැයි සමහර වෙලාවට ප්ලාස්ටර් එකක් අලවා ගත්තට, ප්ලාස්ටරය ගැලවීයාම, වෙනත් තැන් වල ඇලීම,ඇඟිලි නැවිය නොහැකි තත්වයන් ඇති වෙනවා.භාවිතයට පහසු ඇඟිලි සඳහාම නිපදවන ලද ප්ලාස්ටර් නිෂ්පාදන වෙළඳපොලේ තිබ්බත් හොයාගන්න ලේසි නැහැ.

ඉතින් මේ කියන්න යන්නේ ඇඟිලි වලට අපහසුවක් ඇති නොවන විදියට සාමාන්‍ය ප්ලාස්ටර් භාවිතයෙන් නිවැරදිව වෙළුම් යොදන්නේ කොහොමද කියලා.

01) ඇඟිල්ලේ පුරුක් අතරමැද ප්ලාස්ට දැමීම

🩹 ඇඟිල්ලේ පුරුක් අතරමැද සම මත තුවාලය ඇති වී ඇත්නම්, ප්ලාස්ටරය සාමාන්‍ය පරිදි අලවාගන්න.

🩹 කිහිපවරක් ඇඟිල්ල නවන විට ප්ලාස්ටරයේ දාර රෝල් වී ගැලවීයාමට , තුවාලය නිරාවරණය වීමට පුළුවන්.

🩹 වඩාත් ආරක්ෂිතව සහ සුවපහසු ආකාරයෙන් ප්ලාස්ටරය සම ‍රැඳීමට නම්, එහි නැමුම් දාර ක්‍රමවත්ව කපා කෙටි කරන්න.

🩹 ප්ලාස්ටර් යෙදීමෙදි සමට වඩාත් තදින් ඇලවීමෙන් වළකින්න. ඉන් සාමාන්‍ය රුධිර සංසරණයට බාධා ඇති විය හැකියි.


02) ප්ලාස්ටරයක් නිවැරදිව කෙටි කරන ආකාරය

🩹 පළමු පින්තූරයේ පරිදි කතුරක් ආධාරයෙන් ප්ලාස්ටරයේ දෙපැත්තෙන්ම කපාගන්න.

🩹 මැද ඇති සිවිය ඉවත්කර බෙහෙත් කොටස තුවාලය මත තබන්න.

🩹 පින්තූරයේ දැක්වෙන පරිදි කැපුම් දාර X අකුරේ හැඩය එන පරිදි අලවාගන්න.

🩹 මින් තුවාලයට ආරක්ෂිත වෙළුමක් යොදනවා වගේම ඇඟිල්ල නිදහසේ හසුරුවන්නත් හැකියාව ලැබෙනවා.


03) ඔබේ නියපොත්ත හෝ ඇඟිල්ලේ තුඬ කොටසේ තුවාලයක් හටගෙන ඇත්නම්,

🩹 තුවාලයේ ස්වභාවය අනුව යොදන ප්ලාස්ටර් වර්ගය වෙනස් විය හැකියි.

🩹 එවැනි අවස්ථාවක සාමාන්‍ය ප්ලාස්ටර් වලට වඩා තරමක් පළල් ප්ලාස්ටරයක් භාවිතා කරන්න.

🩹 ඔබට අවශ්‍ය නියපොත්තට හෝ ඇඟිල්ලේ තුඬ කොටසේ ඇති තුවාලය මත ප්ලාස්ටරයක් යෙදීමට නම්, දෙවන පින්තූරයේ ආකාරයෙන් ප්ලාස්ටරයේ දාර ත්‍රිකෝණාකාරව කපාගන්න (උඩ සහ යට).

🩹 වෙනත් අවස්ථාවල,ප්ලාස්ටරයේ වම හා දකුණු දාර පමණක් එසේ කපා කෙටි කිරීම ප්‍රමාණවත්.

🩹 එමෙන්ම ඇඟිල්ලේ නැවෙන ස්ථානය මත ප්ලාස්ටරයේ කැපුම් දාරය වැටෙන ආකාරයෙන් කැපිය යුතුයි.


04) ඇඟිලි තුඬ ආවරණය වන පරිදි ප්ලාස්ටරයක් යෙදීමේදී,

🩹 බෙහෙත් කොටස උඩු අතට මුහුණලා ඇති සේ තබා තුවාල වී ඇති ඇඟිල්ල (මෙහිදී මහපටැඟිල්ල) ඒ මත තබන්න.එහි දෙවන අර්ධයේ ඇති ආරක්ෂිත සිවිය ඉවත්කරන්න.

🩹 බෙහෙත් කොටස නියපොත්තට ආසන්නයෙන් ඇති සේ ප්ලාස්ටරයේ එම දෙවන අර්ධයෙන් ඇඟිල්ල ආවරණය කරන්න.

🩹 ප්ලාස්ටරයේ දාර ඇඟිල්ල වටා ඔතා සම මත අලවාගන්න.

🩹 අනෙක් අර්ධයේ ආරක්ෂිත සිවිය ගලවා, ඇඟිල්ල වටා ඔතා කලින් ඇලවූ දාර උඩින් ඇලවෙන සේ අලවාගන්න.


05) ඇඟිල්ල ආවරණය වන පරිදි ප්ලාස්ටරයක් යෙදීමට,

🩹 සිවිය ගලවා,ත්‍රිකෝණාකාරව දෙපස කැපූ ප්ලාස්ටරයේ බෙහෙත් කොටස තුවාලය මත තබන්න.

🩹 ප්ලාස්ටර්යේ අග කොටස් ඇඟිල්ල වටා ඔතන්න.

🩹 මෙහි ඇති කැපුම නිසා ඇඟිලි පුරුක් නිදහසේ නැවිමට හැකියි.  



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW


GalleryGalleryGalleryGalleryGallery