විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට රු. 5,000ක මාසික දීමනාවක්

Latest Headlines Sinhala news SriLanka - Puwath Cabinet Decisions Special Announcement
By R.rishma Aug 18, 2026 09:11 AM GMT
Report

අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා මාසික දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2026 අයවැය යෝජනාවකට අනුව, සුදුසුකම් ලබන එක් සිසුවෙකු සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

දිවයිනේ සියලුම පාසල්වල අධ්‍යාපනය ලබන සුදුසුකම් ලත් සිසුන් හඳුනාගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර, ඒ අනුව සිසුන් 5,530 දෙනෙකු මෙම දීමනාව සඳහා සුදුසුකම් ලබා තිබේ.

එම සිසුන් සඳහා මාසික දීමනාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.