ඔබත් මේ අංකය ගැන දැනුවත්ද..? ටිරාන් හැමෝටම දුන් අංකය..පැය 48කින් වෙන දේ..

Sri Lanka Police Tiran Alles Sri Lanka Police Investigation Ministry of Defense Sri Lanka
By Sewvandhi Jan 28, 2024 08:20 AM GMT
Report

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසන්නේ, මෙරට කාන්තා හිංසනය තුරන් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් යුක්තිය මෙහෙයුමට සමගාමී ව ක්‍රියාත්මක කරන බවයි.

වේයන්ගොඩ පොලිස් වසමේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්, අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වේයන්ගොඩ පොලිස් වසම කේන්ද්‍රකර ගනිමින්,  මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේ යුක්තිය වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුම්වත් කිරීමේ තවත් අදියරක් පැවැත්විණි.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. එහි දී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා,

"මේ කාන්තාවෝ සහ දූදරුවන් අතවරයට ලක්වෙන අවස්ථා, මේ නිරුවත් ඡායාරූප කාන්තාවන්ගේ ළමයින්ගේ ලක්ෂයට වඩා සැරිසරලා තියෙනවා සමාජ මාධ්‍ය ජාලයේ ගිය අවුරුද්දේ පමණක්. ඉතින් ඒවා ඔක්කොම හිතලා තමයි අපි මේ පනතක් ගෙනාවේ ඊයේ පෙරේදා. කාන්තාවෝ දන්නවා බස් එකක යන්න බෑ.

මම කියලා තියෙන්නේ බස්වල යන්න හේත්තු දාපු එකෙක් අහු වුණොත් බෙල්ලෙන් අල්ලා ගෙන්න. සමහර හන්දිවලින් යනකොට කාන්තාවන්ට විසිල් ගහනවා එක්කෝ අසභ්‍ය වචන කියනවා. ඒවා නවතින්න ඕනේ. කාට හරි කරදයක් වෙනවා නම් 109 අමතලා පැමිණිල්ල කරන්න අපි පැය 48ක් තුළ ඒ ප්‍රශ්නය විසඳනවා."

Sponsored By Sarrita Jewellery

ඔබත් මේ අංකය ගැන දැනුවත්ද..? ටිරාන් හැමෝටම දුන් අංකය..පැය 48කින් වෙන දේ.. | 4N Number From Tiran Alles