හදිසියේම පාසල් සිසුන් 42ක් අසනීප වීම හේතුවෙන් රෝහල්ගත කෙරේ..
Sri Lanka
By krishani
නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසලක අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 42 දෙනෙකු අද (11) දින කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇත.
එම විදුහලේ 6 වසරේ සිට 11 වසර දක්වා අධ්‍යාපනය ලබන සිසුන් 13 දෙනෙකු සහ සිසුවියන් 29 දෙනෙකු ක්ලාන්තය, උණ වැනි රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල් ගත කල බව එම ගුරුවරුන් කියා සිටි අතර රෝහල්ගත කළ සිසු සිසුවියන් කිහිපදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.
තවත් සිසුන් පිරිසක් බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර රෝහල්ගත කළ සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |