"නැගිට ගන්න පණ නැහැ.. දවස් ගාණක ඉඳලා කන්න නැහැලු.." - 41ක් එකවරම රෝහලට යැවූ ආහාර විෂ වීම.. (VIDEO)

Hospitals in Sri Lanka Latest Headlines Decision Making
By krishani Feb 08, 2024 11:47 AM GMT
Report

මාතර අකුරැස්ස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ගුරු සිසුවියන් 41 දෙනෙක් රෝහල් ගත කෙරිණ.

"නැගිට ගන්න පණ නැහැ.. දවස් ගාණක ඉඳලා කන්න නැහැලු.." - 41ක් එකවරම රෝහලට යැවූ ආහාර විෂ වීම.. (VIDEO) | 41 Hospitalized With Food Poisoning Mathara

ඒ ආහාර විෂ වීමක් හේතුවෙන් ය.

ඊයේ (07) රාත්‍රි ආහාර වේල ලබාගැනීමෙන් පසුව එම ගුරු සිසුවියන් පිරිස රෝගී වී ඇත.

එහිදී ආසාත්මිකතාවක් හටගැනීම නිසා ගුරු සිසුවියන් 41 දෙනෙක් කඹුරුපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අනුදැනුම මත එම ගුරු සිසුවියන් නැවතත් නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට ගෙන්වා ගෙන ඇත.

වාර්තා වන්නේ අදාළ ගුරු සිසුවියන්ට අවශ්‍ය ඖෂධ කඹුරුපිටිය මූලික රෝහල අසල ඇති ඔසු සැල්වලින් ණයට ලබා දුන් බවයි.

කෙසේ වෙතත්, බරපතල තත්ත්වයේ පසුවන ඇතැම් ගුරු සිසුවියන් ද මේ වන විට නිවෙස් වෙත යවා ඇති බව වාර්තා වේ.

වීඩියෝ දර්ශන - Hiru News


.