උමගක් කඩා වැටීමෙන් පුද්ගලයින් 40ක් පොළොව යට සිරවෙයි..!(VIDEO)
India
By Sewvandhi
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, උතුරු ඉන්දියාවේ උත්තරාඛාන්ඩ් ප්‍රාන්තයේ උමගක් කඩා වැටීමෙන් සේවකයින් පිරිසක් ඒ තුළ සිරවී සිටින බවයි.
බලධාරීන් පවසන්නේ, නාය යාමක් හේතුවෙන් එම උමගේ කොටසක් ඊයේ කඩා වැටී ඇති අතර ඒ තුළ සේවකයින් 40 දෙනෙක් පමණ සිරවී සිටින බවයි.
සහන සේවකයින් මේ වනවිට ඔවුන්ව බේරාගැනීමේ කටයුතු ආරම්භකර ඇත.
සිල්ක්යාරා උමඟ ලෙස නම්කර ඇති උමගේ ආරම්භක ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරින් එම පස් කඩා වැටීම සිදුවී ඇති අතර සේවකයින් සමග සම්බන්ධතාව ගොඩනගා ගැනීමට සහන සේවකයින් සමත්ව ඇති බව සඳහන් ය.