නුවරඑළිය භෞත චිකිත්සකවරිය ඝාතන නඩුවේ සැකකරුවන් සිව්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
නුවරඑළියේදී භෞත චිකිත්සකවරියක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ ඔහුට සහාය ලබාදුන් බවට සැක කෙරෙන තවත් පුද්ගලයන් දෙදෙනා ඇතුළු සිව්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරුවන් සිව්දෙනා අද (09) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී, නුවරඑළිය පොලිස් ස්ථානයේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ රුධිර සාම්පලයක් ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙස මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සැකකරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නියෝග කර ඇත.
ඒ අනුව දැඩි පොලිස් සහ බන්ධනාගාර ආරක්ෂාව යටතේ සැකකරු රෝහල වෙත රැගෙන ගොස් රුධිර සාම්පල ලබාගෙන ඇති අතර, අනතුරුව සැකකරුවන් සිව්දෙනා යළි නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
පසුව කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, සැකකරුවන් ලබන 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.