කටට රසට විනාඩි 10න් ස්නැක්ස් රෙසිපි 4ක්.

Sri lanka Food Recipes
By Wayomi Oct 12, 2022 12:19 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ගෙදර තේ මේසයට, පාටි එකකට වගේම අමුත්තන්ට පිළිගන්වන්නත් ඉක්මනින්ම සහ පහසුවෙන්ම හදාගන්න පුළුවන් රස ස්නැක්ස් රෙසිපි 4ක් ගැනයි මේ කියන්න යන්නේ.

01. කර්ඩ් ස්නැක්


අවශ්‍ය ද්‍රව්‍ය

🟣 මුදවපු කිරි කෝප්ප 1

🟣 පාන්පිටි කෝප්ප 1

🟣 හාල්පිටි කෝප්ප 1/2

🟣 චොප්කරගත් අමුමිරිස් කරල් 2

🟣 චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

🟣 චොප්කරගත් ඉඟුරු ස්වල්පයක්

🟣 සූදුරු ස්වල්පයක්

🟣 රස අනුව ලුණු

🟣 බේකින් සෝඩා තේ හැඳි 1/2

🟣 බැදගැනීමට තෙල්

සාදාගන්න ආකාරය

🟣 මේ ටික ඔක්කොම කළවම් කරලා ඩෝ එකක් හදාගන්න.

🟣 පැය කාලක් වගේ තියලා මේකෙන් හැන්ද බැඟින් අරන් තෙලට දාලා රන්වන්පාට වෙනකල් බැදගන්න.


02. චීස් බෝල්ස්


අවශ්‍ය ද්‍රව්‍ය

🟣 තම්බාගත් අල ගෙඩි 2

🟣 චීස් වෙජස් 2

🟣 ලුණු හා ගම්මිරිස්කුඩු

🟣 කෑලිමිරිස් ස්වල්පයක්

🟣 දෙහි යුෂ ස්වල්පයක්

🟣 චොප්කරගත් ළූණු ගෙඩි ½

🟣 කෝන්ෆ්ලා ටිකක්

සාදාගන්න ආකාරය

🟣 අල ටික පොඩි කරලා චීස් එකතු කරගන්න.

🟣 දැන් මේකට ළූණු එකතු කරලා අනලා රස අනුව ලුණු, ගම්මිරිස්කුඩු, කෑලිමිරිස් හා දෙහි දාලා අනලා පොඩි බෝල හදාගන්න.

🟣 කෝන්ෆ්ලා වල මේ බෝල දවටලා ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකම් බැදගන්න.


03. බ්‍රෙඩ් නගට්ස්


අවශ්‍ය ද්‍රව්‍ය

🟣 කොටුවට කපාගත් පාන්කෑලි කෝප්ප 1

🟣 බිත්තර 2

🟣 කිරි මේස හැඳි 2

🟣 ලුණු හා ගම්මිරිස්කුඩු

🟣 චොප්කරගත් පාස්ලි ටිකක්

සාදාගන්න ආකාරය

🟣 බිත්තර, කිරි විස්ක් කරලා ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.

🟣 ඊළඟට පාස්ලි ටික දාලා කළවම් කරලා පාන් ටික දාලා පොඟවගන්න. හැමපැත්තම තැවරෙන සේ පාන් ටික හොඳට කළවම් කරගන්න.

🟣 පෑන් එකකට බටර් ටිකක් දාලා රත්වෙනකොට පාන් ටික දාලා කළවම් කරමින් හොඳට ෆ්‍රයි කරගන්න.


04. වෙජි ස්නැක්


අවශ්‍ය ද්‍රව්‍ය

🟣 හාල්පිටි කෝප්ප 1/2

🟣 කඩල පිටි කෝප්ප 1/4

🟣 පාන්පිටි කෝප්ප 1/2

🟣 සූදුරු ස්වල්පයක්

🟣 කෑලිමිරිස් ස්වල්පයක්

🟣 ලුණු ස්වල්පයක්

🟣 පෙඟෙන්න දාගත් කඩල පරිප්පු මේස හැඳි 1

🟣 චොප්කරගත් කරපිංචා ස්වල්පයක්

🟣 චොප්කරගත් සුදුළූණු ස්වල්පයක්

🟣 චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

🟣 චොප්කරගත් අමුමිරිස් කරල් 2

🟣චොප්කරගත් ළූණු ගෙඩි 1

🟣 රත්කරගත් තෙල් තේ හැඳි 5

සාදාගන්න ආකාරය

🟣 මේ ඔක්කොම හොඳට කළවම් කරලා වතුර ටික ටික දාලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.

🟣 අතේ තෙල් ටිකක් ගාගෙන මේකෙන් ටික ටික අරන් බෝල හදලා පැතලි කරලා ගැඹුරු තෙලේ බැදගන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW