වෙනස්ම milkshake රෙසිපි 4ක්.
Milkshake බොන්න කවුරුත් ආසයිනේ. ඉතින් ඔන්න වෙනදා බොන චොක්ලට් milkshake එකයි, Mango,Strawberry milkshake වලට වඩා රස ගුණ දෙකම තියෙන වෙනස්ම milkshake රෙසිපි 4ක් ගැන කියන්න යන්නේ.
01. Chocolate Banana Milkshake
අවශ්‍ය ද්‍රව්‍ය
? චොක්ලට් සිරප්
? චොක්ලට් ස්ප්‍රින්කල් ස්වල්පයක්
? කෙසෙල් ගෙඩි 1
? කිරි කෝප්ප 1
? චොක්ලට් අයිස්ක්‍රීම් ස්කූප් 4 විප්ක්‍රීම් කෝප්ප 1/2
සාදාගන්න ආකාරය
? ග්ලාස් එකේ කට චොක්ලට් සිරප් වල ඔබලා අරන් ස්ප්‍රින්කල් තවරගන්න.
? ඊළඟට ග්ලාස් එකේ ඇතුල් පැත්ත චොක්ලට් සිරප් වලින් සරසගන්න.
? බ්ලෙන්ඩර් එකට කෙසෙල්, කිරි හා අයිස්ක්‍රීම් දාලා විනාඩියක් විතර හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
? ඊළඟට මේක ග්ලාස්එකට දාගන්න. විප්ක්‍රීම් ටික ස්ටිෆ් පීක් වෙනකල් බ්ලෙන්ඩ් කරලා උඩින් පයිප් කරගන්න.
? උඩින් තව චොක්ලට් ස්ප්‍රින්කල්ස් ටිකක් ඉහගන්න.
02. Peanut Milkshake
අවශ්‍ය ද්‍රව්‍ය
? පීනට් කෝප්ප 1/4
? පීනට් බටර් මේසහැඳි 1
? ඇට අයින් කල රටඉඳි 6-7
? කිරි කෝප්ප 1
? අයිස්කැට 4-5
? කපාගත් පීනට් ස්වල්පයක්
සාදාගන්න ආකාරය
? පීනට් ටික බ්ලෙන්ඩර් එකට දාලා හොඳට කුඩු කරගන්න.
? මේකට පීනට් බටර්, රටඉඳි හා කිරි ටික දාලා ආයෙ හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
? ග්ලාස් එකකට අයිස් කියුබ් ටික දාලා බ්ලෙන්ඩ් කරගත් ශේක් එක දාලා උඩින් කපාගත් පීනට් ටික දාගන්න.
03. Dry Fruit Milkshake
අවශ්‍ය ද්‍රව්‍ය
? පීනට් මේසහැඳි 1
? කජු මේසහැඳි 1
? ආමන්ඩ් මේසහැඳි 1
? පිස්ටාචියෝ මේසහැඳි 1
? රේසින් මේසහැඳි 1
? වියළි චෙරි මේසහැඳි 1
? ඇට ඉවත්කළ රටඉඳි 3
? ඩෙසිකේටඩ් කොකනට් මේසහැඳි 1
? කිරි කෝප්ප 1 1/2
? කරදමුංගු කුඩු තේහැඳි 1/4
? මී පැණි මේසහැඳි 1
? කුඩුකරගත් ආමන්ඩ්, කජු වැනි නට්ස් ස්වල්පයක්
? අයිස්කැට 5-6
සාදාගන්න ආකාරය
? බෝල් එකකට පීනට්, රටකජු, ආමන්ඩ්, පිස්ටාචියෝ, රේසින්, වියළි චෙරි, රටඉඳි, ඩෙසිකේටඩ් කොකනට් හා කිරි කෝප්ප
? 1/2ක් දාලාකලවම් කරලා පැය 2ක් පෙඟෙන්න තියන්න.
? ඊළඟට මේකට කරදමුංගු කුඩු, මී පැණි හා ඉතිරි කිරි ටික දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
? ග්ලාස් එකකට අයිස්කැට දාලා මිල්ක්ශේක් එක දාලා උඩින් කුඩුකරගත් නට්ස් ටික දාගන්න.
04.Date Milkshake
අවශ්‍ය ද්‍රව්‍ය
? ඇට ඉවත්කළ රටඉඳි 6-7
? කරදමුංගු කුඩු තේහැඳි 1/4
? කිරි කෝප්ප 1
? අයිස්කැට 5-6
සාදාගන්න ආකාරය
? බ්ලෙන්ඩර් එකට රටඉඳි, කරදමුංගු කුඩු හා කිරි දාලා කෑලි නැතිවෙනකල් හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
? දැන් අයිස්කැට දාපු ග්ලාස් එකකට මේක දාලා උඩින් කෑලි කපාගත් රටඉඳි ටිකක් දාගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |