රුපියල් මිලියන 4,900ක් මෙරට බැංකු 8කට නිකුත් කරයි.
රුපියල් මිලියන 4,900ක මුදලක් මෙරට බැංකු 8කට නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ඒ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට අඩු පොළී අනුපාතයකට ණය ලබාදීමේ අරමුණින්.
ඔහු නිවේදනයක් සඳහන් කරන්නේ, ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට අදාළ බැංකු වෙතින් රුපියල් මිලියන 10ක උපරිමයක් දක්වා සියයට 11ත් 12ත් අතර පොලී අනුපාතිකයකට ණය ලබාගැනීමට හැකියාව පවතින බවයි.
පසුගිය 5 වනදා සිට අදාළ රුපියල් මිලියන 4,900ක මුදල ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ සම්පත් බැංකුව යන බැංකු වෙත නිකුත් කර තිබෙනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ, පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇති කෘෂිකාර්මික, සංචාරක යන ක්‍ෂේත්‍ර සහ අපනයනය අභිමුඛ ක්‍ෂේත්‍රයට අදාළව නිෂ්පාදන කටයුතුවල නිරත ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යළි නගා සිටුවීම සඳහාත් සහ ඔවුන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහාත් අදාළ මුදල ලබා දෙන බවයි.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය, ආසියානු සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ ඇති බවද සඳහන් කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |