ඔබේ වාහනය තර්ඩ් පාටි(3rd Party) රක්ෂණයක් නම් අනතුරකදී වන්දි හමුවන අලුත්ම ක්‍රමය මෙන්න..

AIA Insurance Lanka Department of Motor Vehicles vehicle imports sri lanka
By Aruna Jan 19, 2024 12:34 AM GMT
Report

තුන්වැනි පාර්ශ්වයේ (3rd Party) රක්ෂණයක් සහිත වාහනයක ගැටීමෙන් යමෙකුට ජීවිත හානියක් හෝ වෙනයම් අනතුරක් සිදු වුවහොත් එම පුද්ගලයාට අධිකරණයට නොයා අදාළ වන්දි මුදල රක්ෂණ සමාගමෙන් ලබාදීමට රක්ෂණ සමාගම් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයට එකඟතාවය පළකර ඇති බව වාර්තා වනවා.

ඔබේ වාහනය තර්ඩ් පාටි(3rd Party) රක්ෂණයක් නම් අනතුරකදී වන්දි හමුවන අලුත්ම ක්‍රමය මෙන්න.. | 3Rd Party Insurance

මෙම රෙගුලාසි මෝටර් රථ ප්‍රවාහන පනතට ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇති බවත්, එම සංශෝධන කටයුතු මාර්තු මස පළමුවැනිදා වනවිට සිදු කිරීමට නියමිත බවයි ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ.

මෙරට තිබෙන හතළිහකට ආසන්න රක්ෂණ සමාගම් සහ රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමෙන් පසුව මෙම තීරණය ගත් බවයි ඇමැතිවරයා කියා සිටියේ.

ප්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයා පැවැසුවේ, මෙහිදී රුපියල් ලක්ෂ පහක උපරිමයකට යටත්ව වන්දි ගෙවීමට රක්ෂණ සමාගම් කැමැත්ත පළකර ඇති බවයි.

අනතුරට ලක්වූ පුද්ගලයාට එම වන්දි මුදල ප්‍රමාණවත් නොවන්නේනම් අධිකරණය හමුවට ගොස් වන්දි මුදල වැඩිකර ගැනීම සඳහා කටයුතු කළ හැකි බවද ඇමැතිවරයා කියා සිටියා.

2018 වසරේ වන්දි පුද්ගලයන් 562 ක්ද, 2019 වසරේදී පුද්ගලයන් 653 ක්ද, 2020 වසරේදී පුද්ගලයන් 449 ක්ද, 2021 වසරේදී පුද්ගලයන් 3500 ක්ද, 2022 වසරේදී පුද්ගලයන් 423 ක්ද රිය අනතුරු වලින් වන්දි ලබාගෙන ඇත්තේ වසර ගණනක් අධිකරණයේ විභාග වූ නඩු වලින් අනතුරුව බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

Sponsored By Sarrita Jewellery

ඔබේ වාහනය තර්ඩ් පාටි(3rd Party) රක්ෂණයක් නම් අනතුරකදී වන්දි හමුවන අලුත්ම ක්‍රමය මෙන්න.. | 3Rd Party Insurance