39 දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු ගින්න..

China Fire Latest Headlines
By Sewvandhi Jan 25, 2024 12:18 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

චීනයේ ජියැංෂි පළාතේ ෂින්යු නගරයේ වෙළෙඳසැලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස්පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා තිබේ.

සිදුවීම ඇසින් දුටුවන් පවසා ඇත්තේ, වෙළෙඳසැල පිහිටි ගොඩනැගිල්ලේ බිම්මහලෙන් ගින්න ආරම්භ වූ බවයි.සිදුවීම සැලවීමත් සමඟ සහන අංශ ඒ වෙත පැමිණ ගින්න නිවීමටත්, මුදාගැනීම් සිදුකිරීමටත් කටයුතු කර තිබුණි.

එරට මාධ්‍ය පවසන්නේ,ගින්න මේ වනවිට නිවාදමා ඇති අතර ගොඩනැගිල්ල තුළ සිරවූ තවත් කිසිවෙකුත් නොමැති බවයි.චීනය තුළ මෑතකාලීනව මෙවැනි ගිනි අනතුරු රැසක් වාර්තා වී තිබුණි.

මෙම සිද්ධිය වාර්තා වූයේ, පාසලක නේවාසිකාගාරයක ඇතිවූ ගින්නකින් සිසුන් 13 දෙනෙකු මියගොස් පැය 24ක් යාමටත් මත්තෙනි. මේ අනුව අදාළ ගින්න ආරම්භ වූ ආකාරය සොයා විමර්ශන සිදුකරන ලෙස ජනාධිපති ෂී ජින්පින් නියෝග කර තිබේ.

Sponsored By Sarrita Jewellery

39 දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු ගින්න.. | 39 People Dead By Fire China