ලොවම පුදුම කරමින් තරුණයෙකුගේ බඩෙන් කාසි 39ක් හා කාන්දම් 37ක් එළියට ගනී..!

India Latest Headlines
By Sewvandhi Feb 27, 2024 09:45 AM GMT
Report

තරුණයෙකු ශරීරය වර්ධනය කරගැනීමට සින්ක් ලබාගත් හැකි වේ යැයි සිතා කාලයක් තිස්සේ කාසි සහ චුම්භක ආහාරයට ගෙන තිබෙනවා.ඒ ඉන්දියාවේ තරුණයෙකුයි.

දින 20 කට වැඩි කාලයක් වමනය සහ උදර වේදනාවෙන් පෙළෙමින් සිටි මෙම රෝගියා ප්‍රතිකාර සඳහා ශ්‍රීමත් ගංගා රාම් රෝහලට ඇතුළත්ව තිබුණා.

එහිදී කළ x - ray පරීක්ෂණයකින් තහවුරු කරගෙන තිබුණේ, කාසි සහ චුම්බක වල හැඩය සහිත දත්තයන් ඔහුගේ උදරයෙ තිබූ බවයි. පසුව 26 හැවිරිදි මෙම රෝගියාට සිදුකළ ශල්‍ය කර්මයකින් කාසි 39ක් සහ චුම්බක 37ක් පිටතට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, උදරයේ සිදු කළ CT ස්කෑන් පරීක්ෂණයකින් පෙන්නුම් කළේ විශාල කාසි සහ චුම්බන තොගයක් බඩවැලේ අවහිර වී ඇති බවත් ඒවා නිසා මෙම රෝගියාට වමනය හා ආහාර ලබාගැනීමේ අපහසුතාත් මතුවූ බවයි.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ මේ බව තහවුරු වූ වහාම අදාළ රෝගියා සැත්කම සඳහා සූදානම් කර ඇති අතර, එහිදී ඔහුගේ බඩවැල් විවෘත කර කාසි සහ චුම්බක පිටතට ගැනීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබූ බවයි.(උපුටාගැනීමක්)