දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙක් අතුරුදන්

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 23, 2023 11:55 AM GMT
Report

අද (23) දහවල් මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

 මීගමුව පොලීසිය සඳහන් කළේ, දහවල් 12.45ට පමණ අදාළ තරුණයින් මුහුදේ දියනෑම සඳහා ගොස් සිටියදී ‍මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.

අතුරුදන්ව ඇත්තේ ඩයගම, චුන්නාකම් සහ චන්දපුරම් යන ප්‍රදේශවල පදංචිව සිටි 20 සහ 23 හැවිරිදි තරුණයින් තිදෙනෙකි.

ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.