විශේෂිත පනත් 3ක් හදිසියේම බලාත්මක කෙරේ
Parliament of Sri Lanka
Mahinda Yapa Abeywardena
Sri Lanka
Government Of Sri Lanka
By Sithumi
කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් (130 හා 132) සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් 3 කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (16) සහතික කර තිබෙනවා.
මේ අනුව මෙම පනත් කෙටුම්පත් 2022 අංක 22 දරන කාර්මික ආරවුල් (සංශෝධන) පනත වශයෙන් ද, 2022 අංක 23 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත වශයෙන් ද,
2022 අංක 24 දරන කාර්මික ආරවුල් (සංශෝධන) පනත වශයෙන් ද අද සිට බලාත්මක වනු ඇති. මෙම පනත් කෙටුම්පත් විවාද කිරීමකින් තොරව පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |