මහින්ද අමරවීර කලපු 3කට කරන්න යන්න දේ මෙන්න.
Mahinda Amaraweera
By Wayomi
නන්දිකඩාල්, නයාරු හා සාම්බලතිව් යන කලපු වන සංරක්ෂිත කලාප බවට පත් කරනවා බව වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
විවිධ පාර්ශ්වවල සහය ඇතිව ඇතැමුන් කලපු ගොඩ කරන බැවින් ඒවා වන සංරක්ෂණ කලාප ලෙස නම් කිරීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පවතින නෛතික තත්ත්වයන් ද ශක්තිමත් කිරීමට මේ තීරණය ගත් බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ත්‍රිකුණාමලයේ සාම්බලතිව් කලපුව ඇතුළු ප්‍රදේශය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට අදාළව කැබිනට් අනුමැතිය ද හිමිව තිබෙන බවයි.
මේ වන විටත් අපද්‍රව්‍ය පිරී ඇති සාම්බලතිව්, නයාරු සහ නන්දිකඩාල් කලපු පිරිසුදු කිරීම සඳහාත් ඒවා වන සංරක්ෂණ කලාප ලෙස නම් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහාත් පසුගියදා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක් පවත්වා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |