වෙනස්ම පෝක් රෙසිපි 3ක්.

Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Oct 19, 2022 12:40 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

හැමදාම එකම විදිහටනේ පෝක් කන්නේ. ඔන්න ඉතින් මේ දෙන්න යන්නේ අලුත්ම රස පෝක් රෙසිපි 3ක්.

01.හනි ගාලික් පෝක් චොප්ස්


අවශ්‍ය ද්‍රව්‍ය

?ඌරු මස් පෙති 4 ක්

? ලුණු

? ගම්මිරිස්

? සුදුළූනු පව්ඩර් තේහැඳි ½

? ඔලිව් තෙල්

? බටර් මේසහැඳි 1

? චොප්කරගත් සුදුළූණු මේසහැඳි 3

? චොප්කරගත් ඉඟුරු මේසහැඳි 2

? මී පැණි කෝප්ප ¼

? චිකන් ස්ටොක් හෝ පෝක් ස්ටොක් කෝප්ප ¼

? විනාකිරි මේසහැඳි 2

? කුඩාවට කපාගත් පාස්ලි මේසහැඳි 1

සාදාගන්න ආකාරය

? බෝල් එකකට මස් පෙති 4 දාල ගම්මිරිස් කුඩු, සුදු ළූණු කුඩු, ලුණු ඇඩ් කරලා මැරිනේට් කර ගන්න.

? පෑන් එකකට ඔලිව් ඔයිල් දාල මැරිනේට් කරපු පෝක් බැඳ ගන්න.

? එය ඉවත් කරලා ඒ පෑන් එකට බටර් දාල ඒකට සුදුළූණු, ඉඟුරු, ලුණු, මී පැණි, පෝක් (චිකන්) ස්ටොක්, විනාකිරි එකතු කරලා තික් වෙනකම් සෝස් එක හැඳි ගාන්න.

? ඒකට බැඳගත් පෝක් දාලා සෝස් එක හොඳින් තවරමින් විනාඩි 10 පමණ කුක් කරගන්න.

? අවසානයේ පාස්ලි එකතු කරන්න.


02. පෝක් බිස්ටේක්


අවශ්‍ය ද්‍රව්‍ය

?පෝක් 500g

? ලුණු

? ගම්මිරිස්

? චොප් කරගත් සුදුළූණු මේසහැඳි 2

? චොප් කරගත් ඉඟුරු මේසහැඳි 2

? චොප් කරගත් එනසාල්, කරාඹුනැටි 2-3

? විනාකිරි මේස හැඳි 2

? සෝයා සෝස් තේ හැඳි 1 ½

? අමු මිරිස් කරල් 2

? රවුමට කපපු මාලුමිරිස් කරල් 2

? රවුමට කපපු ළූණු ගෙඩි 2

? කුරුඳු කැබැල්ලක්

? අබ කුඩු මේස හැඳි ½

? මස් කරි තේ හැඳි 1

? කරපිංච ඉති 1

?වතුර

සාදාගන්න ආකාරය

? බෝල් එකකට පෝක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1, මස් කරි තේ හැඳි 1, සෝයා සෝල් තේ හැඳි 1, ලුණු එකතු කරලා විනාඩි 30 ශීතකරණයේ සීසන් කරගන්න.

? පෑන් එකකට තෙල් මේස හැඳි 5 ක් දාල රත්වෙනකොට සුදුළුණු, ඉඟුරු, එනසාල්, කරාබුනැටි, අබ, කුරුඳු, අමු මිරිස්, කරපිංච, ගම්මිරිස් කුඩු තේ හැඳි ½ , ලුණු එකතු කරලා හොඳින් මික්ස් කරන්න.

? ඉදිගෙන එනකොට වෙනකොට ඒකටම පෝක්, විනාකිරි, සෝයා සෝස් එකතු කරලා විනාඩි තුනක් නැවත කුක් කරන්න.

? විනාඩි 3 පසු වතුර තේ හැඳි 2 ඇඩ් කරල විනාඩි 20 කුක් කරගන්න.

? ඒකට රවුමට කපාගත් ලූණු, මාලුමිරිස් එකතු කරගන්න.


03. පෝක් ඩෙවල්


අවශ්‍ය ද්‍රව්‍ය


මැරිනේට් සඳහා:-

? පෝක් 500g

? තුනපහ මේසහැඳි 1

? මිරිස් කුඩු මේසහැඳි 1

?කහ කුඩු ¼

? විනාකිරි මේසහැඳි 1

? සෝයා සෝස් මේසහැඳි 1

? ලුණු

ඩෙවල් සඳහා :-

? ළූණු ගෙඩි 1

? තක්කාලි ගෙඩි 1

? මාළු මිරිස් කරල් 1

? චොප් කරගත් සුදුළූණු මේසහැඳි 1

? චොප් කරගත් ඉඟුරු මේසහැඳි 1

? අමු මිරිස් කරල් 2

? කරපිංච

? සීනි

? පොල්තෙල්

? තක්කලි සෝස් මේසහැඳි 1

? කෑලි මිරිස් මේසහැඳි 2

? ගම්මිරිස් කුඩු, ලුණු

සාදාගන්න ආකාරය

? බෝල් එකකට පෝක්, තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු, විනාකිරි, සෝයා සෝස්, ලුණු එකතු කරලා මැරිනේට් කරන්න.

? පෑන් එකකට තෙල් දාලා මැරිනේට් කරපු පෝක් රන්වන් පාට වනතුරු බැඳ ගන්න.

? පෑන් එකකට තෙල් දාලා රත් වෙනකොට ඒකට සුදුළූණු, ඉඟුරු දාලා බඳින්න.

? ඒකටම රවුමට කපාගත් ළූණු, රවුමට කපාගත් මාළු මිරිස්, අමු මිරිස්, කරපිංච, රවුමට කපාගත් තක්කාලි, ගම්මිරිස් කුඩු, ලුණු, කෑලි මිරිස්, සීනි, දාන්න.

? මේ මිශ්‍රණයට බැඳගත් පෝක්, තක්කලි සෝස් දාල හොදින් මිශ්‍ර කරගන්න.     


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW