ගත වූ පළමු දින 20 තුළ ඉහළ ගිය ඩෙංගු මරණ සහ රෝගීන් ගණන මෙන්න.
Ministry of Health Sri Lanka
Dengue Prevalence in Sri Lanka
By Wayomi
මේ වසරේ ගත වූ ගත වූ පළමු දින 20 තුළ ඩෙංගු මරණ 03ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එමෙන්ම මේ වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 7,507 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 1,602ක්.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,536ක් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 637ක් වාර්තා වී ඇත.
කෙසේ නමුත් ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවගෙන් ලැබෙන සහය ප්‍රමාණවත් නොවන බවයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසන්නේ.