හෙළි නොකළ අනතුරකින් රටවල් 3ක විදුලි සැපයුම බිඳ වැටේ
Asia
power outage
Kirgistan
Usbekistan
Kasakastan
By Sewvandhi
හෙළිදරව් නො කළ අනතුරක් හේතුවෙන් මධ්‍යම ආසියාවේ කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ කසක්ස්ථානයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී මිලියන සංඛ්‍යාත පිරිසකට අඳුරේ සිටීමට සිදුව තිබෙනවා.
මෙම රටවල් තුනටම විදුලිය සපයන ඒකාබද්ධ ග්‍රිඩ් පද්ධතියේ දෝෂයක් ඊට හේතු වී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
එහි ප්‍රධාන සැපයුම් මූලාශ්‍ර කසක්ථානයේ පිහිටා ඇති අතර, සැපයුම අඩාල වීමත් සමඟ උස්බෙකිස්ථානයේ විදුලිය සැපයුම් නතර වී ඇත්තේ, හදිසියේ සංඛ්‍යාත වෙනස්වීම නිසයි.
කලාපීය ග්‍රිඩ් පද්ධතියේ අනතුරක් හේතුවෙන් විදුලි සැපයුම නතර වූ බව කිරිගිස්ථාන බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |