මිතුරා බේරා ගැනීමට තියට පැන ජාති සහෝදරයන් දෙදෙනා මරුට බිලිවෙයි.. අවාසනාවන්ත සිදුවීම..

By Sithumi Jun 02, 2022 07:14 PM GMT
Report

කළුතර උතුර ගල්පාත කක්කඩුව ඇලේ විනෝදයට දියනාමින් සිටි ඥාති සහෝදරයන් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ ගල්පාත ජයමාවත පදිංචිව සිටි රවීන්ද්‍ර යසස් නම් 21 හැවිරිදි තරුණයෙක් සහ චමිල් විශ්මිත නමැති 14 හැවිරිදි සිසුවෙකි.

ඔවුන් දෙදෙනා තවත් මිතුරෙකු සමග දියනෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණදී තිබේ. ඒ අනුව, ඔවුන් දෙදෙනාගේ මිතුරා ප්‍රථමයෙන් දියේ ගිලීමට ගොස් අසල ගසක අත්තක එල්ලී බේරීමට උත්හාස කර ඇත. මියගිය ඥාති සහෝදරයන් දෙදෙනා ඔහුව බේරාගැනීමට යාමේදී මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

සිද්ධියෙන් දිවිගලවා ගත් 14 හැවිරිදි සිසුවා අනතුර පිළිබඳව අසල්වාසීන්ට පැවසීමෙන් පසු පිරිස පැමිණ දියේ ගිලී සිටි දෙදෙනාව සොයාගෙන ඇත. ඔවුන් දෙදෙනාව ගල්පාත රෝහලට රැගෙන එනවිටත් මියගොස් සිට ඇති බව පොලීසිය පැවසීය

. ගංවතුර හේතුවෙන් ඇලේ ජල මට්ටම වැඩිවී ඇති බවද වාර්තා විය. කළුතර උතුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.