වසර ගණනාවක ණයක් රජය ගෙවා දමයි..

Mahinda Amaraweera Sri Lanka Economic Crisis Financial crisis Latest Headlines
By Sewvandhi Jul 22, 2024 10:11 AM GMT
Report

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, වසර ගණනාවක් පොහොර මිලදී ගැනීම වෙනුවෙන් පුද්ගලික පොහොර සමාගම්වලට නොගෙවා තිබු රුපියල් මිලියන 29,000ක හිඟ ණය මුදල් සියල්ල රජය විසින් මේ වනවිට ගෙවා අවසන් කර ඇති බවයි.

අද (22) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහනෙහි ප්‍රගතිය සම්බන්ධව පැවති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම, ගොවි ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම හා තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශනය කරගැනීම ඉලක්ක කරමින් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වශයෙන් දිවයිනේ ගම්මාන 160ක් සංවර්ධනය කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇත.

මේ සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1600කි. ඒ අනුව එක ගම්මානයකට පළමු අදියර යටතේ රුපියල් මිලියන 10ක් මුදලක් බැගින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී තිබේ.

රුපියල් මිලියන 29,000ක් වැනි අති විශාල මුදලක් පොහොර සමාගම්වලට හිඟ මුදල් වශයෙන් ගෙවීමට තිබු නිසා බොහෝ සමාගම් මුල්‍යමය වශයෙන් දුර්වල තත්ත්වයකට මුහුණ දෙමින් සිටියේය.