විනෝජ් යසංග ගේ සිරුර දිවයිනට
කැනඩාවේ වැන්කුවර් නගරයේ විදුලි සංඥා පුවරුවක් අසල මාර්ගයේ මෝටර් රථය නවතා තිබියදී පිටුපසින් පැමිණි වෑන් රථයක් හප්පා සිදුවූ අනතුරින් මියගිය 28 හැවිරිදි .ඇම්.එච්.විනෝජ් යසංග ජයසුන්දර තරුණයාගේ මළසිරුර දින 19 කට පසුව කැනඩාවේ සිට මත්තෙගොඩ නදුන් උයනේ පිහිටි ඔහුගේ නිවෙසට අද (11) දා උදෑසන රැගෙන ආවේය.
මෙම අනතුර ඉකුත් 22 දා කැනඩාවේ වැන්කුවර් නගරයේ දී සිදුවිය. මෙසේ මියගොස් ඇත්තේ මත්තෙගොඩ නදුන් උයන අංක 2 හි පදිංචි ඇම්.එච්.විනෝජ් යසංග ජයසුන්දර නමැති 28 හැවිරිදි තරුණයෙකි.
ඔහු කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ හා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි කසුවා පසුව මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධියත් තොරතුරු තාක්ෂණ උපාධියත් ලබා එංගලන්තයේ විශ්ව විද්‍යාලයකින් නීතිවේදි උපාධියක් ලබා ගෙන තිබේ.
පසුව ඔහු සිංගප්පූරුවේ එස්.එම්.යූ ආයතනයෙත් ASTAR ආයතනයෙත් AMZON ආයතනයේත් ඉංජිනේරු වරයෙකු ලෙස සේවය කොට පසුව ඇමෙරිකාවේ MARYLAND සරසවියට ඇතුළත්ව ආචාර්ය උපාධිය හදාරමින් සිටි.
එහි තෙවැනි වසරේ සිසුවෙකි. ඊට අදාළ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම සඳහා (CRESEARCH PUBLICATION PRESENTATION) ගොස් නැවත එමින් සිටියදී කැනඩාවේ වැන්කුවර්හි මාර්ගයේ විදුලි සංඥා පුවරුවක් අසල මෝටර් රථය නවතා තිබියදී මෙම පිටුපසින් පැමිණි වෑන් රථයක් මෝටර් රථයේ හප්පා මෙම අනතුර සිදු කර තිබුණි.
මේ අතරතුරදී මොහු ඇමරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි ඇපල් සමාගමේ ප්‍රධාන ශාඛාවේ සේවය කරමින් සිට තිබේ මේ සම්බන්ධයෙන් මියගිය තරුණයාගේ මව සහෝදරිය අසල්වාසීයකු හා ඥාතීයකු VCT ලබාදුන් අතර ඔහුගේ මව පවසන්නේ රිය අනතුර සිදුකළ වෑන් රථයේ රියදුරු magic mushroom නැමැති මත්ද්‍රව්‍ය පානය කොට රිය පැදවූ රියැදුරු cctv විසින් මෙම අනතුරු සිදු කර ඇති බවට චෝදනා කරයි.
මෙම දරුවා අපේ රටට මෙන්ම ලෝකයටම සම්පතක් වන මොහුගේ මරණය දරාගැනීමට නොහැකි බව ඇය පවසයි මිය ගිය තරුණයාගේ සහෝදරිය VCT එකක් එවා ඇත මිය ගිය තරුණයාගේ ඥාති සහෝදරයෙකු පවසන්නේ අපේ රටේ ඉගෙනගෙන විදෙස් රටවලට ගොස් රැකියාවන් කරද්දි හිතාමතාම ඔවුන්ට ජාත්‍යන්තරය දිනා ගැනීමට නොදී බාධා එල්ල කරන බවත් එම බාධාවන් ඩයස්පෝරාව විසින් සිදුකරන බවට ඔහු චෝදනා කරයි
මෙම තරුණයාගේ මෘතදේහ දැනට මත්තෙගොඩ නිවසේ තැන්පත් කර ඇති අතර ලබන 12දා ගාල්ල බටපොල මානංගොඩ පොදු සුසාන භූමියේදී සිදු කරන ඥාතීන් දැනුම් දේයි.