27 දෙනෙකුගෙන් යුත් කෝප් සහ කෝපා කමිටුව නම් කරයි - සාමාජික නම් ලැයිස්තුව මෙන්න..

Parliament of Sri Lanka Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Oct 03, 2022 03:23 PM GMT
Report

මෙතෙක් සාමාජිකයන් නම් නො කළ කෝප් සහ කෝපා කමිටු සඳහා සාමාජිකයන් නම් කිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (03) පාර්ලිමේන්තුවේ දී සිදු කළා.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී කථානායකවරයා දැනුම් දුන්නේ, රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සහ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකයින් 27 බැගින් නම් කරන බව යි. පසුගිය කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය චරිත හේරත්, මෙවර කෝපා කමිටුවේ සාමාජිකයෙකු ලෙස නම් කර තිබෙනවා.

කෙසේ වෙතත් කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධුර විපක්ෂයට ලබා දෙන්නේ දැ යි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කථානායකවරයාගෙන් මෙහි දී ප්‍රශ්න කර සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery