පොලිස් නිලධාරීන්ගේ සේවය ඇගයීමට ත්‍යාග මුදලක් ‌මෙන්න සියලු විස්තර...

Police officers Special Task Force Gagana news IGP C.D. Wickramaratne
By Subodha Apr 12, 2022 08:31 AM GMT
Report

පවතින තත්ත්වය හමුවේ පොලිස් නිලධාරීන්ගේ සේවය ඇගයීම සඳහා රුපියල් 2500ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සහායක සේවා ඇතුළුව ඊයේ දින සේවයේ නියුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ ඊට පහළ සියළුම නිලධාරීන්ට මෙන්ම ආරක්ෂක සහයක නිලධාරීන්ට ද මෙම ත්‍යාග මුදල හිමි වනු ඇති.

කෙසේ වෙතත්, පොලිස් විද්‍යාලවල පුහුණුව ලබන ආධුනික පොලිස් නිලධාරීන්, පුහුණුව අවසන්ව පිටව ගොස් ඊයේ දිනට මාස 6ක සේවා කාලයක් සම්පූර්ණ කර නොමැති පොලිස් නිලධාරීන්ට මෙන්ම වැඩ තහනමට ලක්වූ අයට මෙම දීමනාව හිමි නොවන බවයි පොලිස්පති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now