කාවන්තිස්ස ඇතා රැකගන්න හමුදාවේ 25ක් සූදානමින්
අසනීප තත්ත්වයෙන් පසුවන කාවන්තිස්ස ඇතාගේ රාත්රී කාලයේ හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීම සඳහා තර්මල් තාක්ෂණයෙන් යුත් ඩ්රෝන කැමරා යෙදවීමට පරිසර අමාත්යාංශය සැලසුම් කර තිබේ. එමෙන්ම ඇතාගේ සෞඛ්ය තත්ත්වය හදිසියේ වෙනස් වුවහොත් අවශ්ය සහාය ලබාදීම සඳහා ත්රිවිධ හමුදාවේ සාමාජිකයන් 25 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සූදානම් කර තැබීමටද සැලසුම් කර ඇත.
තර්මල් ඩ්රෝන කැමරා මඟින් ඇතා ගමන් කරන ආකාරය, ජලය පානය කරන ආකාරය සහ අනෙකුත් ක්රියාකාරකම් නිරීක්ෂණය කිරීමට නියමිතය.
රෝගාතුරව සිටින කාවන්තිස්ස ඇතාගේ වර්තමාන සෞඛ්ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ ඉදිරි ප්රතිකාර කටයුතු විධිමත් කිරීම සඳහා පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි මහතා නිරීක්ෂණ සංචාරයක නිරත වීමෙන් අනතුරුව මෙම තීරණ ගෙන තිබේ.
විශේෂඥ වෛද්යවරුන්ගේ දායකත්වයෙන් ප්රතිකාර සැලැස්මක්
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්යවරුන්, සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්යවරුන් සහ පේරාදෙණිය පශු වෛද්ය පීඨයේ මහාචාර්යවරුන් ඇතුළු විශේෂඥයන්ගේ දායකත්වයෙන් කාවන්තිස්ස ඇතා වෙනුවෙන් විශේෂ ප්රතිකාර සැලැස්මක්ද සකස් කර තිබේ. ඇතාගේ සෞඛ්ය තත්ත්වයට අදාළ ප්රතිකාර සඳහා අමතර වෛද්ය සහාය ලබාගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති අතර, අවශ්යතාව අනුව සත්වෝද්යානවල සේවය කරන පශු වෛද්ය විශේෂඥයන්ගේ සහාය ලබාගැනීමට නියමිතය.
හදිසි තත්ත්වයකට අවශ්ය පහසුකම් සූදානම්
ඇතාගේ ආරක්ෂාව සහ ප්රතිකාර කටයුතු සඳහා අවශ්ය විය හැකි විශේෂ උපකරණ, ආරක්ෂිත පටි, එසවීමේ හෝ ප්රවාහන කටයුතු සඳහා යොදාගත හැකි යන්ත්රෝපකරණ ඇතුළු පහසුකම් කල්තියා සූදානම් කර තබන ලෙසද අමාත්යවරයා උපදෙස් ලබාදී තිබේ. මේ අතර, කාවන්තිස්ස ඇතාගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබාගැනීම සඳහා දිනපතා Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමටද සැලසුම් කර ඇත.