පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 24ක්.

Sri Lanka Easter Attack Sri Lanka
By Wayomi Aug 12, 2023 05:36 AM GMT
Report

පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම හා අනුබල දීමේ චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු 24 දෙනෙකුට චෝදනා 23,270ක් ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කර තිබෙනවා.

කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුවට අදාළ විත්තිකරුවන්ට චෝදනා කියවීම ඊයේ (11) අවසන් කෙරුණා.

ඒ, නඩුව දමිත් තොටවත්ත,අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන විනිසුරුවන් හමුවේ විභාගයට ගැනුණු අවස්ථාවේදීයි.

චෝදනා කියවීම දින 5ක කාලයක් පුරා පැවතුනු අතර, නඩුව යලි ඔක්තෝම්බර් 10වනදා කැඳවන ලෙසටයි විනිසුරුවරුන් නියෝග කරනු ලැබුවේ.