21 හැවිරිදි තරුණයාගේ අභිරහස් මරණය - ශරීරයේ තිබූ සළකුණ ගැන විමර්ශන
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
අද (29) අලුයම වවුනියාව,පාලමොටෙයි ප්‍රදේශයේ වෙඩි වැදීමකින් මියගිය තරුණයෙකුගේ මළසිරුරක් සොයාගත් බව වවුනියාව, ඕමන්ත පොලිසිය පවසයි.
ප්‍රදේශයේ ගෙවතු වගා කරමින් සිටි 21 හැවිරිදි ඕමන්ත, වෙප්පන්කුලම් ප්‍රදේශයේ පදිංචි සට්කුනරාසා දිසාන්ත් නමැති තරුණයෙකුගේ මළසිරුරක් එලෙස සොයාගත් බවයි, පොලිසිය පවසන්නේ.
එනම්, තරුණයා ගෙවතු වගා කරමින් සිටි ස්ථානයේ සිට මීටර් 100ක් පමණ දුරින් මළසිරුර හමුවී ඇති අතර, තරුණයාගේ ශරීරයේ වෙඩි සලකුණක් පවතින බවද පොලිසිය සඳහන් කර ඇත.
තරුණයාගේ මරණය සියදිවි නසාගැනීමක්ද ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගෙන නොමැති අතර, මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.