මාස දෙකහමාරට මෙරට තුළ වෙඩි තැබීමෙන් ඝාතන 21ක් - රට තුළ ඇතිව තිබෙන බිහිසුණු තත්ත්වය මෙන්න..

Nihal Talduwa Sri Lanka Police Sri Lanka Police Investigation Crime Gun Shooting
By Sewvandhi Mar 12, 2024 09:04 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලීසිය පවසන්නේ, 2024 ජනවාරි 01 වනදා සිට මාර්තු 12 වනදා දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩිතැබීමේ සිද්ධි 30ක් වාර්තාවී ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, ඉන් පුද්ගලයින් 21 දෙනෙකු මියගෛාස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එම වෙඩිතැබීමේ සිදුවීම් 30න් 17ක්ම සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වූ බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

අනෙක් වෙඩිතැබීම් 13 පුද්ගලික හේතු මත සිදුකළ ඒවා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.