මෙවර සිංහල අවුරුදු නැකැත් සමරන්නේ බලාගෙනයි.. අද සිදුවූ විශේෂ දේ...

Sinhala and Tamil New Year Astrology Latest Headlines
By Sithumi Mar 11, 2024 11:23 AM GMT
Report

2024 සිංහල - හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව ආහාර පිසීම, ආහාර අනුභවය යනාදී නැකැත් රාත්‍රී කාලයට සකස් කිරීම පිටුපස ඇති කුමන්ත්‍රණ, වුවමනාවන් සහ ඒවා නිවැරදි කළ යුත්තේ ඇයි යන්න පැහැදිලි කරමින් මල්වතු, අස්ගිරි අනුනාහිමිවරුන් වෙත කරුණු පැහැදිලි කිරීම හා සංදේශයක් බාරදීම ජාතික නැකත් කමිටුව ජාතික ජෝතිර්තවේදීන්ගේ සංගමය නියෝජිතයන් විසින් අද මල්වතු හා අස්ගිරි මහා විහාරයන්හි අනුනායක හිමිවරුන් වෙත පිළිගැන්වීම හා දැනුවත් කිරීම සිදුකළා

පලමු මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමි බැහැ දැක උන්වහන්සේ වෙත කරුණු සැලකර සිටියා උන්වහන්සේ විමසා සිටියා මෙම කමිටුවේ සිටින්නේ කුමන පිරිස්ද යන්න හා මෙම තීරණය කරනු ලබන කමිටුවට සාමාජිකයන් පත් කරන්නේ කවුරුන්ද යන්න එහිදී දේශපාලන හිතවත් කන් මත පත් කරන බව මෙම පැමිණ සිටි පිරිස ප්‍රකාශ කළා

එහිදී අනූනායක හිමියන් සඳහන් කළේ සියල්ලම දේශපාලනීකරණය වීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවී උනාද යන්න යන්නයි රටක වැදගත් දෙයක් සිදුවන සෑම අවස්ථාවේදීම නැකත් වේලාවට කටයුතු කරන තත්ත්වයක් තුළ දෝෂ සහගත නැකත් වෙනුවට නිසි පරිදි සකස් කරන ලද නැකතේ වටිනාකම අනුනායක හිමියන් සඳහන් කළා.

ඒ අනුව ඉදිරියේදී මෙහෙම තත්ත්වයන් වෙනස් කිරීම සඳහා උන්වහන්සේලාගෙන් ලබා දිය හැකි අවවාද අනුශාසනා ලබා දෙන බවද සඳහන් කළ ඉන්පසු මෙම පිරිස අස්ගිරිපාර්ශ්වයේ අනු නායක අතිපූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි අනුනායක හිමියන් බැහැ දැක කරුණු ඉදිරිපත් කළා.