2024 ජනපතිවරණය කල් යයි? - ජනාධිපතිවරයාගේ නිල කාලය තීන්දු කරන්න දින නියමවෙයි.

Election Commission of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Presidential Election 2024
By Wayomi Jul 04, 2024 02:10 PM GMT
Report

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වූ සී.ඩී.ලෙනව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇත්තටම හෙට දිවයින පුරා පාසල් වැසෙයිද? - හෙට ගුරුවරු ඇතුළු රටපුරා වෘතිකයන් රැසක් කරන්න යන වැඩේ මෙන්න. - (VIDEO)

ඇත්තටම හෙට දිවයින පුරා පාසල් වැසෙයිද? - හෙට ගුරුවරු ඇතුළු රටපුරා වෘතිකයන් රැසක් කරන්න යන වැඩේ මෙන්න. - (VIDEO)


අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම විනිසුරු මඩුල්ල නම් කර ඇති අතර ඒ අනුව අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා අය නම් කර ඇති බවද සඳහන්.

මෙම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාල පෙත්සම සලකා බැලීම සඳහා ලබන 08 වනදා කැඳවීමට නියමිත‍යි.

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් ද? 5ක්? - 2024 මැතිවරණයට එරෙහි පෙත්සම ගැන ජනපති ගත් විශේෂ තීරණය මෙන්න.

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් ද? 5ක්? - 2024 මැතිවරණයට එරෙහි පෙත්සම ගැන ජනපති ගත් විශේෂ තීරණය මෙන්න.