ඔලිම්පික් පදක්කමක් දිනූ සරණාගත කණ්ඩායම...
Olympic Academy
Paris 2024 Summer Olympics
By Sithumini
කැමරූන් ජාතිකත්වය සහිත බ්‍රිතාන්‍ය සරණාගතභාවය ලබා ගෙන සිටින 25 හැවිරිදි සින්ඩි න්ගම්බා සිය සරණාගත කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම ඔලිම්පික් පදක්කම දිනාගෙන තිබෙනවා.
ඒ කිලෝග්‍රෑම් 75 බර පන්තියේ කාන්තා බොක්සිං තරගයේදී ලෝකඩ පදක්කම් ලබාගනිමින්. මෙවර සරණාගත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන් 37 දෙනෙක් පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වී තිබෙනවා.
සරණාගත ඔලිම්පික් කණ්ඩායමට නිල වශයෙන් තෝරාගන්නා ලද පළමු බොක්සිං ක්‍රීඩිකාව ද ඇයයි.
ඇය වයස අවුරුදු 10 දී බ්‍රිතාන්‍යට ගිය නමුත්, ඇයට බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් නොමැති නිසා එරට කණ්ඩායම වෙනුවෙන් තරග කිරීමට නොහැකි වී තිබුණා.
එමෙන්ම 2016 වසරේදී රියෝ ද ජැනයිරෝහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඔවුන් ප්‍රථමයෙන්ම සහභාගී වුණා.