ඊයේ තරඟයකින් ශ්රී ලංකාවට සිදු වූ දේ..2025 ටත් බලපායි ද?..
ලෝක කුසලාන එක්දින තරඟාවලියේ පකිස්තානය හා බංග්ලාදේශය අතර පැවති තරගයෙන් බංගලිදේශය පරදා පාකිස්ථානය කඩුලු 7ක ජයග්රහණයක් වාර්තා කළා.
තරඟයේ මුලින් පන්දුවට පහරදුන් බංගලිදේශය පන්දුවාර 45.1කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 204ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ පාකිස්ථානය පන්දු වාර 32.5කදී ලකුණු 205ක් ලබා තරගය ජයග්රහණය කළා.
මෙම ජයග්රහණයත් සමඟ ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ පාකිස්ථාන කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ පස් වන ස්ථානය දක්වා ඉහළට එන්නට හැකි විය.
ඒ සමගම ශ්රී ලංකා කණ්ඩායම එම සටහනේ හත්වන ස්ථානය දක්වා පසු බැස තිබේ.
ශ්රී ලංකා කණ්ඩායම තවදුරටත් මෙම සටහනේ පහළ බැසීමකට ලක් වුවොත් 2025 වසරේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරඟාවලියට සහභාගී වීමද අවිනිශ්චිත ත්ත්වයකි.
ශූරයන්ගේ කුසලානය සඳහා සත්කාරක පකිස්ථානයද ඇතුළුව මෙම තරගාවලියේ මුල් කණ්ඩායම් අට සහභාගි වීමට නියමිතයි.