2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන ලැබුණු අලුත්ම ආරංචිය..
විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.
එම වාර්තා වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම තරගාවලිය නොවැම්බර් මස 19 වනදා දක්වා පැවැත්වෙනු ඇති බවය. දින 46කදී කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරග 48කින් මෙම තරගාවලිය පැවැත්වේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම මෙම තරග Ahmedabad, Bengaluru, Chennai, Delhi, Dharamsala, Guwahati, Hyderabad, Kolkata, Lucknow, Indore, Rajkot, Mumbai ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇති බවය.
එම ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ තරගාවලියේ අවසාන මහා තරගය නොවැම්බර් 19 වනදා ලොව විශාලතම ක්‍රීඩාංගණය වන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් මේ වනතෙක් නිකුත් නොකිරීම පිළිබඳව විශාල කතාබහක් නිර්මාණය වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |