අයවැය කාරක සභා විවාදය අද සිට දින 19ක් පුරාවට. - ( UPDATE /VIDEO )

Parliament of Sri Lanka Ranil Wickremesinghe Government Of Sri Lanka Budget 2024 - sri lanka
By Wayomi Nov 22, 2023 03:58 AM GMT
Report

 UPDATE (-29.23)

පාර්ලිමේන්තුවේ ඇති කළ කලාගොට්ටියට - මන්ත්‍රී සනත් නිශාන්තට අද ලැබුණු දඬුවම මෙන්න. - (VIDEO)

පාර්ලිමේන්තුවේ ඇති කළ කලාගොට්ටියට - මන්ත්‍රී සනත් නිශාන්තට අද ලැබුණු දඬුවම මෙන්න. - (VIDEO)


...........................................................................................

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද(22) ආරම්භ වුණා.

මෙම විවාදය දෙසැම්බර් 13 වනදා දක්වා දින 19ක කාලයක් පැවැත්වෙන අතර අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම ලබන මස 13 වනදා පස්වරු 6ට පැවැත්වීමට නියමිතයි.

ඊයේ(21) අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවති අතර එය වැඩි ඡන්ද 45කින් සම්මත වුණා.

එමෙන්ම මූල්‍ය කළමනාකරණ පනතේ නීති සම්බන්ධයෙන් ඊයේ අයවැය විවාදය අතරතුර පාර්ලිමේන්තුවේදී සංවාදයක් මතු වූ අතර දැඩි උණුසුම්කාරී වාතාවරණයක්ද හටගත්තා.

ඒ, විපක්ෂනායකවරයා ස්ථාවර නියෝග 27/(02) යටතේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිසකට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයත් සමඟයි.

එහිදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විපක්ෂනායකවරයාගේ මයික්‍රෆෝනයෙන් අදහස් දක්වමින් විරෝධය පෑ අතර පාර්ලිමේන්තුව විනාඩි 05කට කල්තැබීමට කථානායකවරයා තීරණය කළා.