රු 20,000 මාසික දීමනාව රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයටත්..?

Parliament of Sri Lanka Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Nov 10, 2023 08:47 AM GMT
Report

ජාතික කම්කරු සභා නියෝජිතයින් පවසන්නේ, මෙවර අයවැයෙන් පෞද්ගලික අංශය, වැවිලි ක්ෂේත්‍රය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට ද රු.20,000ක මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

එවැනි දීමනාවක් ලබානොදෙන්නේ නම් ඒ වෙනුවෙන් රජයට බලපෑම් කිරීමට සිදුවන බවයි, අන්තර් සේවක සංගමයේ සභාපති, වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේ.

"අමතක නොකර මේ ඉල්ලීමට කන්දෙන්න. එහෙම නොවුණොත් අපි 13 පාර්ලිමේන්තුව ඉදිරිපිටට එනවා. රටේ අනෙකුත් වෘත්තීය සමිති සමඟ කටයුතු කරනවා."

මේ අතර ,ලංකාවේ අසරණම තත්ත්වයට පත්ව ඇත්තේ වතු කම්කරුවන් බවත් අවම වශයෙන් රු 2000ක දීමනාවක් ලබාදීමට හෝ කටයුතු කරන ලෙස ලංකා වැවිලි සේවා සංගමයේ, සමස්ත ලංකා නියෝජ්‍ය සභාපති එස්.චන්දිරන් මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසන්නේ, වෘත්තිකයින්ගේ ඉවසීම නිවටකමක් ලෙස නොසලකා අසාධාරණ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට රජය පියවරගත යුතු බවයි.

ඒ එම සංගමය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් අතර පැවැති හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්ති සංශෝධනය කරන ලෙස ඉල්ලා වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව සහ මුදල් අමාත්‍යාංශ ලේකම් අතර හමුවක් ඊයේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණි.