20කට ජීවිතය අහිමි කළ නොහිතපු වෙලාවක ආ ඒ මහා ඛේදවාචකය..(PHOTOS)
විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 20දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
ඒ ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයෙන් ය.
එලෙස මියගිය පිරිස අතර ළමුන් 12 දෙනෙකු පමණ සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
එම සිදුවීම සැලවීමත් සමඟ සහන කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ගින්න නිවීමටත්, මුදාගැනීම් සිදුකිරීමටත් කටයුතු කරමින් සිටී.
කෙසේ වෙතත්, මෙම ගින්න හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
මේ අතර, පෙරේදා (23) දුෂ්කර ගම්මාන හයකට බලපෑම් එල්ල කරමින් ඇති වූ නාය යෑමෙන් ජීවිත රැසක් අහිමි වී ගිය පුවතක් පිළිබඳව තොරතුරු පැපුවා නිව් ගිනියාවේන් වාර්තා විය.
මෙම නාය යෑමෙන් නිවාස 100කට වැඩි ගණනක් පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී ගියේ ය.
මෙහිදී සිදු වී ඇති ජීවිත හානි ගණන හෝ සුන්බුන් අතර කොපමණ පිරිසක් සිරවී ඇති ද යන්න නිශ්චිතවම තවමත් ප්‍රකාශ කළ නොහැකි බවට තොරතුරු වාර්තා විය.
ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,