හිතාගන්නවත් පුලුවන් ද?. අවු.2 ක මේ පොඩ්ඩගෙ චිත්‍ර මොනවද කියලා.. ලක්ෂ 21කට අලෙවි වෙලා..(PHOTOS)

Germany Artist Latest Headlines Decision Making
By krishani Jun 01, 2024 04:48 PM GMT
Report

ජර්මනියේ අවුරුදු 2 ක පිරිමි ළමයෙකුගේ කලා කෘති සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා තිබෙනවා. 

හිතාගන්නවත් පුලුවන් ද?. අවු.2 ක මේ පොඩ්ඩගෙ චිත්‍ර මොනවද කියලා.. ලක්ෂ 21කට අලෙවි වෙලා..(PHOTOS) | 2 Year Old German Boy Paintings Sold For 21 Lakhs

ඔහුගේ සිතුවම් රුපියල් ලක්ෂ 21කට පමණ අලෙවි වී ඇත.

අපිට ලොව විශිෂ්ඨතම චිත්‍ර ශිල්පියා යැයි සිතූ සැණින් මතකයට නැඟෙන්නෙ කවුද?.

ඒ ලොවම දන්න පැබ්ලෝ පිකාසෝ නේද?.

සුප්‍රසිද්ධ ස්පාඤ්ඤ චිත්‍ර ශිල්පී පිකාසෝ සිය පළමු තෙල් සිතුවම් නිර්මාණය කිරීමට පටන් ගත්තේ වයස අවුරුදු 13 දී ය.

හිතාගන්නවත් පුලුවන් ද?. අවු.2 ක මේ පොඩ්ඩගෙ චිත්‍ර මොනවද කියලා.. ලක්ෂ 21කට අලෙවි වෙලා..(PHOTOS) | 2 Year Old German Boy Paintings Sold For 21 Lakhs

Laurent Schwarz (Laurent Schwarz) නම් මේ චූටි අවුරුදු 02ක පිරිමි ළමයා අපූරු චිත්‍ර අඳිමින් සිට ඇත.

ඔහු පින්තාරු කිරීමට වැඩි කාලයක් කැප කිරීමට පටන් ගත් විට, ඔහුගේ දක්ෂතාවය ඔහුගේ පවුලේ අය දැක තිබෙනවා.

පුතා කැන්වසය මත අලංකාර සිතුවමක් නිර්මාණය කළ විට ඔහුගේ දෙමාපියන් පුදුමයට පත් වී තිබෙනවා.

අශ්වයන්, ඩයිනෝසරයන් සහ අලි ඇතුන් වැනි සතුන් ඔහුගේ සිතුවම් අතරට ඇතුළත් විය.

මේවා සාමාන්‍ය පින්තූර වුවත් Schwarz ඒවා පින්තාරු කරන ආකාරය ඇත්තෙන්ම විශ්මය ජනක බව දෙමාපියන් පවසා ඇත.

හිතාගන්නවත් පුලුවන් ද?. අවු.2 ක මේ පොඩ්ඩගෙ චිත්‍ර මොනවද කියලා.. ලක්ෂ 21කට අලෙවි වෙලා..(PHOTOS) | 2 Year Old German Boy Paintings Sold For 21 Lakhs

තම පුතාගේ චිත්‍ර ඇඳීමේ හැකියාවෙන් මවිතයට පත් දෙමාපියන් ඔහුගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීම සඳහා Instagram ගිණුමක් විවෘත කළේ ය.

එය කෙතරම් ඉක්මනින් මිනිසුන්ගේ අවධානයට ලක් වූයේ ද යන්න ගැන ඔවුන් පුදුමයට පත් විය.

Schwarz ගේ ගිණුම දින කිහිපයකින් අනුගාමිකයින් 30,000 ක් ලබා ගත්තේ ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් චිත්‍ර මිල දී ගැනීමට උනන්දු විය.

එක්සත් රාජධානිය වැනි දුර බැහැර කලා ලෝලීන් මෙම සිතුවම් මිල දී ගෙන තිබෙනවා.

නිව් යෝර්ක් ගැලරියක් පවුලේ අය අමතා ලෝරන්ට්ගේ කලා කෘති ප්‍රදර්ශනය කරන ලෙස ඉල්ලා සිට ඇත.

කෙසේ වෙතත්, මොහු විසින් අඳින ලද සියලුම සිතුවම් ඩොලර් 7000 ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 21) කට අලෙවි වී ඇති බව සඳහන් වේ.