පොලිසියේ දෙදෙනෙක් හදිසියේම අත්අඩංගුවට ගත් හේතුව..
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් රුපියල් 10,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසම පැවසුවේ,මාතලේ, යටවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකදී එම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.
පොලිස් නිලධාරීන් භාරයට ගෙන තිබු පැමිණිලිකරුගේ යතුරුපැදියේ බලපත්‍රය කල් ඉකුත්වීම හා වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කිරීම වෙනුවෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබු බව සඳහන් ය.
කෙසේවෙතත් අල්ලස් කොමිසම පැවසුවේ,පසුව එය රු 50,000ස දක්වා අඩුකර ඉන් රුපියල් 10,000ක මුදලක් ලබාගන්නා අවස්ථාවේදී අදාළ පොලිස් සැරයන්වරු දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Sponsored By Sarrita Jewellery