ව්‍යවසායක ඔබ වෙනුවෙන්මයි මේ දෙය - රජයෙන් දුන්න සතුටු හිතෙන ආරංචිය මෙන්න.

Ranil Wickremesinghe Sri Lanka Politician Government Of Sri Lanka President of Sri lanka Prasanna Ranaweera
By krishani Dec 02, 2023 05:07 PM GMT
Report

ව්‍යවසායකයන්ට අවශ්‍ය ප්‍රාග්ධනය 2% ණය පොලී සහනය යටතේ ලබාදීමට කටයුතු කිරිමට තීරණය කර තිබෙනවා.

ව්‍යවසායක ඔබ වෙනුවෙන්මයි මේ දෙය - රජයෙන් දුන්න සතුටු හිතෙන ආරංචිය මෙන්න. | 2 Percent Loan Interest For Entrepreneurs

ඒ බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සඳහන් කළේ ය.

එහිදී ජනාධිපතියාගේ අරමුණ වන්නේ වත්මන් තරුණ පරපුර අනාගත ලෝකයට ගැළපෙන සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීමයි.

එමෙන්ම, ඉතිහාසයේ ප්‍රථම වතාවට ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව ව්‍යවසාය සංවර්ධනය උදෙසා ණය යෝජනා ක්‍රමයක් වෙනුවෙන් රුපියල් බිලියන 30ක් වෙන් කර තිබෙනවා.

අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අනුව ව්‍යවසායකයන්ට අවශ්‍ය ප්‍රාග්ධනය 2% ණය පොලී සහනය යටතේ ලබාදීමට කටයුතු කරන බවයි.

අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

මෙරට සමස්ත ජනගහනයෙන් 2.8% වන ව්‍යවසායකයින් දිරිගැන්වීමේ කාර්යය අමාත්‍යාංශයට පැවරී ඇති බවත් 2028 වසර වන විට එම ව්‍යවසායකයන්ගේ ප්‍රමාණය 10% දක්වා ඉහළ නැංවීම ඉලක්කය වන බවත්  ප්‍රසන්න රණවීර මහතා සඳහන් කළේ ය.

එමෙන්ම, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීම වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළක් දැනටමත් ආරම්භ කර තිබෙනවා.

ව්‍යවසායක ඔබ වෙනුවෙන්මයි මේ දෙය - රජයෙන් දුන්න සතුටු හිතෙන ආරංචිය මෙන්න. | 2 Percent Loan Interest For Entrepreneurs

ඒ සදහා අමත්‍යාංශය යටතේ ඇති ආයතන සමඟ ඒකාබද්ධව වැඩ කටයුතු සිදු කරමින් පවති

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මීට අමතරව ලෝක වෙළඳපොළ 2024-2025 සදහා අත්කම් වෙනුවෙන් බිලියන 789ක් වැය කිරීමට සූදානම්ව සිටින බවයි.

ඉන් 1%ක් අප රට වෙනුවෙන් වෙන්කර ගැනීමට හැකි නම් එය රටක් ලෙස විශාල ජයග්‍රහණයක් බව තමා විශ්වාස කරන බව ඒ මහතා පැවසීය.