පිහි ඇනුමකින් දරුවන් දෙදෙනෙකු අවසන් ගමන් යැවූ භයානක සිදුවීම..

United Kingdom Crime Branch Criminal Investigation Department Crime England Murder
By Sithumini Jul 30, 2024 05:32 AM GMT
Report

බ්‍රිතාන්‍යයේ සවුත්පෝට් හි ළමා නැටුම් වැඩමුළුවකදී සිදු වූ දරුණු පිහි ඇණුමකින් ළමුන් දෙදෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙහිදී දරුවන් ආරක්ෂා කිරීමට උත්සාහ කළ වැඩිහිටියන් දෙදෙනෙකුටද පිහි ඇණීම සිදු කර තිබුණා.

ඔවුන්ගේ තත්ත්වයද අසාධ්‍ය බවයි මර්සිසයිඩ් පොලිසිය පවසන්නේ.

මිනීමැරුම් සහ මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට 17 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඝාතනය කුමන හේතුවක් මත සිදුකළේද යන්න තවමත් අනාවරණය වී නැහැ. එය ත්‍රස්තවාදයට සම්බන්ධ දෙයක් ලෙස නොසලකන බව පොලීසිය ප්‍රකාශ කළා.