සීතල හන්තාන නැග්ග සරසවි සිසුන් 180ක් අතරමං වෙලා - පොලිසිය සහ යුධ හමුදාව වහා ක්‍රියාත්මක වෙයි..
Sri Lanka Army
Sri Lanka Police
By krishani

අයහපත් කාලගුණය හේතුවෙන් රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් 180ක් හන්තාන කඳුවැටියේ අතරමං වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
එම පිරිස අතර, පිරිමි සිසුන් 60ක් සහ කාන්තා සිසුන් 120ක් සිටින බවට සඳහන් වේ.
මේ අතර, පොලිසිය සහ යුද හමුදාව එක්ව මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් අතරමං වූ සිසුන් සමඟ කිසිදු සන්නිවේදනයක් ස්ථාපිත කර නොමැති බවට තොරතුරු වාර්තා වන්නේ.