විදුලි සැර කළ හරියක් - ළමයින් 17ක් රෝහලේ..

India Accident Latest Headlines
By krishani Mar 08, 2024 12:47 PM GMT
Report

ශිව රාත්‍රී දින සැමරුම් පෙරහරක දී විදුලිසැර වැදීමකින් ළමයින් 17 දෙනෙකු සහ කාන්තාවක පිළිස්සුම් තුවාල ලැබූ පුවතක් පිළිබඳව තොරතුරු ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

විදුලි සැර කළ හරියක් - ළමයින් 17ක් රෝහලේ.. | 17 Children In Hospital Due To Electric Shock

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි.

එම අවස්ථාවේ දී ළමයින් පිරිස ලෝහ කණුවක සවි කළ කොඩියක් ඔසවාගෙන යමින් සිට තිබෙනවා.

එහිදී එය අධිබල විදුලි රැහැනක ස්පර්ශ වීමෙන් මෙම විදුලිසැර වැදීම සිදුව ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, පිළිස්සුම් තුවාල ලැබූ ළමයින් වයස අවුරුදු 9 ත් 16 ත් අතර පසු වේ.