2023 ඉවර වී ගෙන එද්දිත් - පාර්ලිමේන්තු මන්ත්‍රී ලා ගිය වසරේ තිබ්බ රුපියල් මිලියන 16ක පොල්ල තාම එහෙන්මයි.
Sri Lanka Politician
Sri Lanka Economic Crisis
Ceylon Electricity Board
By Wayomi
පසුගිය වසර අවසන් වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාසවලින් අය වීමට නියමිත ව තිබූ රුපියල් මිලියන 16ක මුදලක ගෙවීම් පැහැර හැර ඇති බව අනාවරණය වී තිබෙනවා.
2022 වර්ෂයට අදාළ ව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ මේ බව සඳහන්ව ඇත.
එම වාර්තාවට අනුව විදුලි සම්බන්ධතා 74ක් සඳහා වන ගෙවීම් මෙලෙස පැහැර හැර තිබෙනවා.
එම සම්බන්ධතාවලින් 29කට අදාළ රුපියල් මිලියන 05ක මුදලක් වසර 06ක කාලයක් පුරා අය කර ගෙන නොමැති අතර, තවත් සම්බන්ධතා 30කට අදාළ රුපියල් මිලියන 03ක් වසරකට වැඩි කාලයක් අයකරගෙන නොමැති බවයි හෙළි වී ඇත්තේ.