රටේම ජනතාවට 150000 බැගින් ලබා ගත හැකි ක්‍රමය මෙන්න..

Basil Rajapaksa Gotabaya Rajapaksa Lakshman Kiriella Mahinda Rajapaksa Sri Lanka
By Sewvandhi Nov 14, 2023 02:48 PM GMT
Report

අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළා.

එමෙන්ම එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ද තීන්දු කර තිබේ. අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් තීන්දු කළා.

Gagana

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙම තීන්දුව ලබා දුන්නේය.

රටේම ජනතාවට 150000

ඒ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අදහස් දක්වමින් කියා සිටියේ ලංකාවේ සිටින මිලියන 22 ක් ජනතාවට අධිකරණයට ගොස් මෙම පුද්ගලයන් 7 දෙනාගෙන් 150000 ක් බැගින් මුදල් ලබා ගත හැකි බවයි.